අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ වව්නියාව සභාපතිනිය අත්අඩංගුවට

Date:

වව්නියාව උද්ඝෝෂණ අට්ටාලයට නීතිවිරෝධීව විදුලිය ලබා ගත්තේ යැයි චෝදනා කරමින්, වව්නියාව බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති කාසිපිල්ලෛ ජයවනිතා මහත්මිය ඊයේ වව්නියාව පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන තිබේ.

අනවසරයෙන් විදුලිය ලබාගෙන ඇති බවට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් කළ පැමිණිල්ලක් අනුව ඇයව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඇය ඇගේ අතුරුදහන් කළ ඇගේ දියණිය සොයමින් සිටින විට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ඡන්ද ප්‍රචාරක පත්‍රිකාව වන ඡායාරූපයක ඇය සිටිනු හඳුනාගෙන තිබිණි.

ජයවනිතා ඇතුළු මව්වරු සියගණනක් තවත් ඥාතීන් සමඟ අද වන විට දින 2210ක් පුරා හමුදාවෙන් රැගෙන යෑමෙන් පසු අතුරුදහන් වූ සිය ආදරණීයයන් ගැන සත්‍ය හෙළි කරන මෙන් පාරේ අරගල කරමින් සිටිති. ශ්‍රී ලංකාවේ දීර්ඝතම අරගලය වශයෙන් සැලකෙන්නේ ඔවුන්ගේ අරගලය යි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්...

ආපදා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉන්දු – ලංකා කමිටුවක්!

කොළඹ LNW: දිට්වා අපදවෙන පසු ආපදා ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී...

එක්සත් රාජධානිය DRC වීසා සීමා කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය කොංගෝ...

ඉදිරි දිනවල කාලගුණ වෙනසත් සමඟ ඇතිවිය හැකි ආපදාවන්ට සූදානම් – DMC

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර...