අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ වව්නියාව සභාපතිනිය අත්අඩංගුවට

Date:

වව්නියාව උද්ඝෝෂණ අට්ටාලයට නීතිවිරෝධීව විදුලිය ලබා ගත්තේ යැයි චෝදනා කරමින්, වව්නියාව බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති කාසිපිල්ලෛ ජයවනිතා මහත්මිය ඊයේ වව්නියාව පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන තිබේ.

අනවසරයෙන් විදුලිය ලබාගෙන ඇති බවට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් කළ පැමිණිල්ලක් අනුව ඇයව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඇය ඇගේ අතුරුදහන් කළ ඇගේ දියණිය සොයමින් සිටින විට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ඡන්ද ප්‍රචාරක පත්‍රිකාව වන ඡායාරූපයක ඇය සිටිනු හඳුනාගෙන තිබිණි.

ජයවනිතා ඇතුළු මව්වරු සියගණනක් තවත් ඥාතීන් සමඟ අද වන විට දින 2210ක් පුරා හමුදාවෙන් රැගෙන යෑමෙන් පසු අතුරුදහන් වූ සිය ආදරණීයයන් ගැන සත්‍ය හෙළි කරන මෙන් පාරේ අරගල කරමින් සිටිති. ශ්‍රී ලංකාවේ දීර්ඝතම අරගලය වශයෙන් සැලකෙන්නේ ඔවුන්ගේ අරගලය යි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...