ෂැංහයි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ෂැංහයි විදේශ කටයුතු කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා හමුවෙයි

කොන්සල් ජනරාල් අනුර ප්‍රනාන්දු මැතිතුමා 2022 පෙබරවාරි 23 වැනි දින චීනයේ ෂැංහයි හි පිහිටි විදේශ කටයුතු කාර්යාලයේ (FAO) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ෆු ජිහොං මහතා හමුවිය. චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 65 ක් සපිරීමේ සංවත්සරය සහ රබර්- සහල් ගිවිසුම ස්ථාපිත කොට වසර 70 ක් සපිරීමේ සංවත්සරය මෙම වසරේ දී සනිටුහන් කෙරේ. සහෝදර නගර වශයෙන් සැලකෙන  ෂැංහයි සහ කොළඹ යන නගර බොහෝ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සමීප සබඳතා පවත්වයි.

මෙම සංචාරය අතරතුර දී, දෙරට අතර ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව පැවැත්වීමේ හැකියාව පිළිබඳව දෙපාර්ශ්වය විසින් තවදුරටත් සාකච්ඡා කරන ලදී. චීනයේ ආර්ථික සංවර්ධනය පිළිබඳව අදහස් දැක්වූ කොන්සල් ජනරාල්වරයා, වසංගත ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ෂැංහයි නගරය ගත් පියවර සිය පැසසුමට ලක් කළේ ය. එමෙන්ම, චයිනා හාබර් සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර ක්‍රියාත්මක වන ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය දෙරට අතර වඩාත් ධනාත්මක අවස්ථා නිර්මාණය කිරීමට ඉවහල් වන බව එතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය. දෙරට අතර පවතින ගැඹුරු මිත්‍රත්වය වෙනුවෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය අවංක සුබ පැතුම් පළ කළේය.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ෂැංහයි

2022 මාර්තු 10 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...