ජාතික ආණ්ඩුව භයානක දේශපාලන සූදුවක් විය හැකියි – රනිල්ට අනතුරු හැඟවීමක් ඇවිත් !

Date:

ඉදිරියේදී බිහිකිරීමට නියමිත ජාතික ආණ්ඩුව භයානක දේශපාලන සූදුවක් විය හැකි බවට තදබල අනතුරු හැඟවීමක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට, ඒ මහතාගේ සමීප දේශපාලන සගයින් කිහිපදෙනෙකුගෙන් ලැබී ඇති බව වාර්තා වේ.

ඉතාම නිශ්චිතව රටේ ආර්ථික තත්වය පිළිබඳ සංඛ්‍යා දත්ත නොමැතිව, ජාතික ආණ්ඩුවක කාර්යභාරය පිළිබඳව හා වගකීම් බෙදීයාම පිළිබඳව පූර්ණ එකඟතාවක් හා එම එකඟතාව ක්‍රියාත්මක කිරීමේ පැහැදිලි යාන්ත්‍රණයක් නොමැතිව මෙන්ම ජාත්‍යන්තරයෙන් ලැබෙන සහයෝගය පිළිබඳව ඉතාම නිශ්චිත තොරතුරු නොමැතිව මෙවැන්නකට ගියහොත් එහි ප්‍රතිඵල ඉතාම දරුණු විය හැකි බව ඔවුන් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී ඇති බව සඳහන්.

රටේ මෙතෙක් පැවති මෙවැනි උත්සාහයන් පිළිබඳ සිහිපත් කිරීමේදී මෙයත් තවත් එක ආඬි හත්දෙනාගේ කැඳ හැළියක් වීමේ සම්භාවිතා ඉහළ බව එම සමීප හිතවතුන් වික්‍රමසිංහ මහතාට පවසා ඇති අතර එවැන්නක් වුවහොත් ඊට සහභාගී වූ අයගේ දේශපාලනික ඉරණම ඛේදජනක විය හැකි බවට අනතුරු හඟවා ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ද මේ වනවිට අගමැති ධුරයට කුරුමානම් අල්ලමින් සිටිනවා පමණක් බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

කෙසේවෙතත් අප මීට පෙර ද වාර්තා කළ ආකාරයට ඉදිරි සතිය තුළ මෙතෙක් නොවූ විරූ අන්දමින් ආර්ථික අර්බුදය ජන ජීවිතයට බලපෑම් කිරීම ආරම්භ වනු ඇති අතර රටේ කිසිදු පාර්ශ්වයකට ඒ සම්බන්ධයෙන් තනි තනිව ලබාදිය හැකි කිසිදු විසඳුමක් ද නැත. රටේ සාමාන්‍ය ජනතාව අන්ත දුෂ්කරතාවන්ට මුහුණ දීම හා රට බංකොළොත්වීම වළක්වා ගැනීමට හැකිවනු ඇත්තේ සියලු දේශපාලන පක්ෂ පොදු එකඟතාවකින් යුතුව, තමතමන්ගේ කෙටි කාලීන බල අරමුණු පසෙකලා එකමුතු වුවහොත් පමණි.

එසේ නොකළහොත් මේ වනවිට රට බේරාගැනීමට පාරම්බාන බොහෝ අයටත් අවසානයේ බේරාගැනීමට රටක් ඉතිරි නොවනු ඇත. අමිහිරි සත්‍යය එයයි !

RN

සබැඳි පුවත් –

http://139.59.240.222/03/08/9488/
http://139.59.240.222/01/10/2745/
http://139.59.240.222/03/09/9560/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...