විමල් සිරසට පැමිණ රාජපක්ෂ පවුලේ පතුරු අරී. බැසිල්ට කළු සල්ලි චෝදනාවකුත් එල්ල කරයි (VIDEO)

0
16909

ඊයේ (10) සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහභාගී වී තිබුණු අතර ඔහු එහිදී රාජපක්ෂ පවුලට ඉතාම දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට ද කටයුතු කළේය.

බැසිල් රාජපක්ෂ මහතාට මුදල් විශුද්ධිකරණ චෝදනාවක් ද එහිදී එල්ල කළ වීරවංශ මහතා මේ රටේ ජනතාව එක්ව ඔහුව රටින් පන්නා දැමිය යුතු බවත් ප්‍රකාශ කළේය.

බැසිල් රාජපක්ෂ මහතා මේ ආණ්ඩුව තමන්ගේ බූදලයක් බවට පරිවර්තනය කරගෙන ඇති බව පැවසූ ඒ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හෝ මහින්ද රාජපක්ෂ මහතාට ඒ ගැන කරගත හැකි දෙයක් නොමැති බවත්, මේ සියල්ල සිදුවන්නේ මහින්ද රාජපක්ෂ මහතා නොදැනුවත්ය යැයි සිතිය නොහැකි බවත් සඳහන් කළේය.

එමෙන්ම තමන් යළිත් කිසිදිනෙක රාජපක්ෂවරුන් සමග එක්ව මැතිවරණයකට තරග නොවදින බව පැවසූ ඒ මහතා මේ රටේ පවුල් දේශපාලනය රාජපක්ෂ පවුලෙන්ම අවසන් වනු ඇති බවත් පැවසීය.

විමල් වීරවංශ යනු දීර්ඝ කාලයක් තිස්සේ සිරස රූපවාහිනී නාලිකාවට එරෙහිව ඉතාම දරුණු අන්දමින් විවේචන, අවලාද, ප්‍රහාර එල්ල කළ දේශපාලනඥයෙකු වීම ද මෙහි ඇති විශේෂත්වයක් වෙයි. එදා විමල් වීරවංශ මහතා සිරස රූපවාහිනිය හැඳින්වූයේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක බළල් අතක්, කොටි හිතවාදී නාලිකාවක් සහ එක්සත් ජාතික පක්ෂයේ රූකඩයක් වශයෙනි. එමෙන්ම එදා විමල් වීරවංශ මහතා රාජපක්ෂවරුන්ව හැඳින්වූයේ ලී ක්වාන් යූලා, මහතීර් මොහොමඩ්ලා වශයෙනි.

කාලය මැව් වෙනසක අරුමේ …..

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here