කිරිපිටි මිල රුපියල් 300කින් ඉහළ දැමීමේ සූදානමක් !

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 300කින් ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ නැංවීමට සූදානම් වන්නේ රුපියල් 120 කිනි.

ලෝක වෙළඳපොලේ කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 5500ක් දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක මෙරට කිරිපිටි මිල නැංවීම හැර වෙනත් විකල්පයක් තමන්ට නොමැති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.

කිරිපිටි සඳහා වූ පාලන මිල මීට ටික කලකට පෙර ඉවත් කෙරුණු අතර සමාගම්වලට අවශ්‍ය පරිදි මිල තීරණය කිරීමේ හැකියාවක් පවතී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරු ගැන තීරණය පොලිස් කොමිසම අතේ

ජාතික පොලිස් කොමිසම අද (01) දිනයේදී රැස්වීමට නියමිතව තිබේ. පොලිස්...