කිරිපිටි මිල රුපියල් 300කින් ඉහළ දැමීමේ සූදානමක් !

Date:

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 300කින් ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ නැංවීමට සූදානම් වන්නේ රුපියල් 120 කිනි.

ලෝක වෙළඳපොලේ කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 5500ක් දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක මෙරට කිරිපිටි මිල නැංවීම හැර වෙනත් විකල්පයක් තමන්ට නොමැති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.

කිරිපිටි සඳහා වූ පාලන මිල මීට ටික කලකට පෙර ඉවත් කෙරුණු අතර සමාගම්වලට අවශ්‍ය පරිදි මිල තීරණය කිරීමේ හැකියාවක් පවතී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...