ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:රුපියල් 6500ක මුදලක් අල්ලසක් ලෙස ලබාගැනීමේ චෝදනාව මත ජාතික තරුණ සේවා සභාවේ පදියතලාව මධ්‍යස්ථානය භාර නිලධාරියෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පැමිණිලිකරුට කිසිදු පාඨමාලාවකට සහභාගී නොවී තොරතුරු තාක්ෂනය සහ ඉංග්‍රීසි පාඨමාලා දෙකක් හැදෑරු බවට පහළ ඌව සංවර්ධන පදනම මගින් සහතික පත් දෙකක් ලබාදී මුදලින් රුපියල් 6500ක් ලබා ගැනීම සහ නැවත එම ආයතනය මගින් දෙමළ පාඨමාලාවක් හැදෑරු බවට සහතිකයක් ලබාදීම සඳහා රුපියල් 4000ක් ඉල්ලා පසුව එම සහතිකය ජාතික තරුණ සේවා සභාව මගින් ලබාදීම සඳහා රුපියල් 6500ක් ඉල්ලා ලබාගැනීම යන චෝදනාව මත එම සැකකරු ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත.
ඒ,ජාතික තරුණ සේවා සභාවේ පදියතලාව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදීය.
සැකකරු මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


