නිපොන් වෙතින් රගර් බිත්තියට හානියක් නොවන පාටක්

Date:

රගර් ක්‍රීඩාවේ අනාගත සුබ සිද්ධිය සළකා රගර් පරිපාලනය නිල අනුගාහකත්වයට අමතරව විකාශන අයිතිය වෙනම ලබා දීම සඳහා ගනු ලැබූ තීරණය සමඟ එකඟ නොවීම නිසා මෙවර රගර් ලීග් තරගාවලිය අනුග්‍රාහකත්වයක් ලැබෙන තෙක් රගර් පරිපාලනය විසින්ම මෙහෙයවන්නට ගත් තීරණය සමඟ එකඟ වෙමින් නව අනුග්‍රාහකත්වයක පැහැය ශ්‍රී ලංකා රගර් සමඟ මුසු වීම පෙබරවාරි 10 වන දා රාමාඩා හෝටලයේදී සිදු විය.

ඒ අනුව රගර් ජාතික ලීග් තරගාවලිය මෙතැන් සිට නිපොන් රග්බි ලීග් තරගාවලිය ලෙස හැඳින්වෙන අතර ශ්‍රී ලංකා රගර් සහ නිපොන් එක්ව ඉදිරියේදි දේශිය සහ ජාත්‍යන්තර වශයෙන් තරගාවලි ගණනාවක් ශ්‍රී ලංකා රගර් පිටියට කැඳවා එන්නට සැළසුම් කරන බව පවසයි.

ශ්‍රී ලංකා රගර් සම්මේලන සභාපති රිස්ලි ඉල්ලියාස් පවසන්නේ දැනට රගර් හා එක්ව සිටින ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ටත්,නව ප්‍රේක්ෂක ආකර්ශණය ඇති කරමින් රගර් සාක්ෂරතාවය වැඩි කිරීම පිණිසත් විකාශන අයිතියේ ශක්තිය යොදවා ගෙන රගර් ප්‍රෙක්ෂකයාට මුදල් ත්‍යාග හිමිවන තරග වැඩ සටහන් ගණනාවක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා රගර් බලාපොරොත්තුවන බවය.

දෙපාර්ශවයම රගර් ප්‍රචලිත කිරීමේ වේගය වැඩි කරමින් ජාත්‍යන්තර රගර් පිටිය තුළ ශ්‍රී ලංකාවේ නම ජයග්‍රාහී ස්ථාවරයක රඳවන්නට උත්සාහ කරන බව පෙන්වා දුන් අතර තව දුරටත් ශ්‍රි ලංකාවේ රගර් ප්‍රචලිතවීම වේගවත් කිරීමට ද නව අනුග්‍රාහක ශක්තිය හේතුවක් කර ගැනීම අපේක්ෂාවය.

ශ්‍රී ලංකා රගර් වෙනුවෙන් රිස්ලි ඉල්ලියාස් සභාපතිවරයා සහ නිපොන් පේන්ට් ආයතනය වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරිවරයා ලෙස නේමන්ත අබේසිංහ අතර අනුග්‍රාහකත්වය සම්බන්ධ ගිවිසුම අත්සන් කර අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...