ඉන්ධන අර්බුදයට තාවකාලික විසඳුමක් – ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ස්ථිරයි

0
350

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණයක් ලබාදීමට ඉන්දියාව අවසන් එකඟතාවයට පැමිණ තිබෙනවා. මෙම ණය මුදල සඳහා ඉන්දීය සංචිත බැංකුවේ අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ණය මුදලේ වටිනාකමට ඉන්දියාවෙන් ඉන්ධන ලබා ගැනීමට හැකිවන අතර ඒ අනුව අප්‍රේල් මාසයේ සිට ඉන්දියාවෙන් ඉන්ධන ලැබෙනු ඇත.

මේ හරහා ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින දැවැන්ත ඉන්ධන අර්බුදයට අප්‍රේල් මාසයේ සිට තාවකාලික විසඳුමක් හිමිවනු ඇත.

මෙරට මසක ඉන්ධන ඉල්ලුම සපුරාලීමට ඇමරිකානු ඩෙලර් මිලියන 300 කට වැඩි මුදලක් අවශ්‍ය වන අතර ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමත් සමග මාසිකව වැය වන මුදල තවදුරටත් ඉහළ යාමටද ඉඩ තිබේ. ඒ අනුව ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් මිලියන 500 ක ණය මුදල මාස දෙකක ඉන්ධන අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා හෝ ප්‍රමාණවත් නොවනු ඇත.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here