ඩග්ලස් දේවානන්දාගෙනුත් ලංවිමට කෝටියක පොල්ලක් – වෘත්තීය සමිති හෙලි කරයි

Date:

ඊපීඩීපී සංවිධානයේ නායක, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාද රුපියල් කෝටියකට ආසන්න මුදලක් වටිනා විදුලි බිල් ගෙවීම පැහැර හැර ඇති බවට ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසනවා.

ඊපීඩීපී සංවිධානයේ ප්‍රධාන කාර්යාලය වන යාපනය, ස්ටැන්ලි පාරේ පිහිටි ගොඩනැගිල්ලට කාලයක් තිස්සේ ලබාගත් විදුලිය වෙනුවෙන් රුපියල් 9,736,677 ක බිල්පත් ගෙවීම් පැහැර හැර ඇති බවයි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පවසන්නේ. දිගින් දිගටම බිල් ගෙවීම පැහැර හැර තිබියදී අදාල ගොඩනැගිල්ලේ විදුලිය විසන්ධි කර නොමැති බවද ජයලාල් මහතා සඳහන් කරයි.

මීට පෙර කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පදිංචි වී සිටින නිළ නිවාසයේ විදුලි බිලද එක්කෝටි විසිපන් ලක්ෂයක් දක්වා ගෙවීම් පැහැර හැර ඇති බව වෘත්තීය සමිති විසින් හෙලිදරව් කරන තෙක් විදුලිබල මණ්ඩලයේ ඉහළ නිළධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පෙන්වා දෙන රන්ජන් ජයලාල් මහතා පවසන්නේ දේශපාලනඥයන් හා දේශපාලනයට සම්බන්ධ ප්‍රබලයන් ගණනාවක් මෙවැනි ආකාරයෙන් විදුලි බිල් ගෙවීම් පැහැර හරින බවයි.

විදුලි බිල්පත් පරීක්ෂා කරන හා විදුලි බිල්පත් ගෙවීම පැහැර හරින පුද්ගලයන්ගේ විදුලිය විසන්ධි කිරීමට අදාල කටයුතු සිදු කරන නිළධාරීන්ට විවිධ බලපෑම් එල්ල වන බවත්, මේ නිසා විදුලිබල මණ්ඩලයට අයවිය යුතු මුදල් විශාල ප්‍රමාණයක් අහිමි වී ඇති බවත් ඔහු සඳහන් කරනවා.

මේ සියල්ල හෙලිදරව් කිරීමට සිදුව තිබෙන්නේ වෘත්තීය සමිතිවලට බවද ජයලාල් මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...