මහින්ද සුළඟ හැමූ නුගේගොඩින්ම ආණ්ඩුව පෙරළන සුළඟ අරඹන්න විමල්ලා සූදානමින්?

Date:

ඇමතිකම් අහිමි වූ විමල් වීරවංශ මහතා, උදය ගම්මන්පිල මහතා ඇතුළු ආණ්ඩුවේ පක්ෂ 11 කණ්ඩායම යළිත් නුගේගොඩින් සටන ආරම්භ කිරීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මේ වනවිටත් ඊට අදාල සැළසුම් සකස් කරමින් සිටින අතර බොහෝදුරට මෙම සටන මාර්තු මස අවසානයේදී ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලනයට එකතු කර ගැනීමේ මහින්ද සුළඟ ආරම්භ වූයේද නුගේගොඩිනි. ඒ සඳහා විමල්-ගම්මන්පිල ඇතුළ කණ්ඩායම පෙරටුගාමී මෙහෙවරක් ඉටු කළේය.

විමල්-ගම්මන්පිල ඇතුළු කණ්ඩායම මෙවරද උත්සාහ කරන්නේ එවැනි විප්ලවකාරී ගමනක් ආරම්භ කිරීමටයි.

නුගේගොඩ රැළිය පැවැත්වෙන දිනයක් තවමත් තීරණය කර නොමැති අතර ඇතැම් විට මාර්තු 29 වැනිදා එය පැවැත්වීමට ඉඩ තිබේ.

මේ අතර පක්ෂ 11 කණ්ඩායම ආණ්ඩුවෙන් ස්වාධීනව පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමේ සූදානමක්ද පවතිනවා. ඇමතිකම් අහිමි වූ විමල් -ගම්මන්පිල දෙදෙනාට මුල්පෙළ අසුන්වලින් සිව්වැනි පෙළ අසුන් දක්වා පසුබැසීමට සිදු වූ අතර ඊටද විමල්-ගම්මන්පිල ඇතුළු කණ්ඩායම විරෝධය පළකර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෙම්මනි සමූහ මිනීවල: යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි!

කොළඹ LNW: යාපනය චෙම්මනි සමූහ මිනී වලට යුක්තිය ඉල්ලා...

මෙවැනි කාලයක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් – Thabo Mbeki

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : අද (26) පස්වරුවේ ජනාධිපති...

කොළඹ කොටස් වෙළඳපොල වාර්තා පිහිටුවමින් ඉහළට !

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26)...