Friday, March 31, 2023
spot_img

Latest Posts

අනිත් හැමදේම වැඩි වෙනව නං විදුලි බිලත් වැඩිවෙන්න ඕන – විදුලි බිලත් වැඩිවන බවට PUCSL සභාපතිගෙන් ඉඟියක්

විදුලි බිලද වැඩි කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. අද (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

දැවැන්ත ලෙස පාඩු ලබමින් සිටින විදුලිබල මණ්ඩලයට, රටට විදුලිය සැපයීමට නොහැකි වුවහොත් අවාසනාවන්ත තත්වයක් ඇතිවන බව පෙන්වා දෙන මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පවසන්නේ විදුලිබල මණ්ඩලය ලබන පාඩුව අවම කර ගැනීම සඳහා එහි බර විදුලි පාරිභෝගිකයන් මත තැබීමට සිදුවන බවයි.

අනෙක් පැත්තෙන් සියලු භාණ්ඩවල මිල ඉහළ යමින් තිබෙන බැවින් විදුලි බිල පමණක් ඉහළ නොදමා තබාගත නොහැකි බවද ජනක රත්නායක මහතා සඳහන් කරනවා. කෙසේ නමුත් විදුලි බිල වැඩි කරන්නේ කවදාද යන්න පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කරනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.