*
Monday, May 12, 2025
spot_img

Latest Posts

බඩු බෙදිල්ල

මේ දවස්වල ආණ්ඩුවට තියෙන ලොකුම චෝදනාව තමයි ජීවන වියදම පාලනය නොකරන එක.ඔය සුපිරි වෙළද සැලක් ළඟට ගියොත් එහෙම සික්ස්ර් සයිඩ් ටූනමන්ට් එකක් ගහන්න සල්ලි ඉල්ලන පිරිස අතිරේක දාන්න එක්කම හොයාගන්න එක පහසු දෙයක්.මේ හින්දම සජිත්ගෙ දිව උළුක් වෙලා අනුරගෙත් උළුක් වෙලා මේ ගැන කතා කරන තරමට.


ඇත්තම තමයි.කන්න නැති මිනිස්සු ගම්වල පිරිලා.හුඟක් ගෙවල්වල වේල් එකයි හරි දෙකයි හරි.තුන් වේල නැහැ.බන්දුල ගුණවර්ධන පුදුමයි නිරෝගීකමේ සූත්‍රය කියලා කොහෙ හරි කතාවක් ඇදලා අරගෙන කිව්වෙ නැත්තෙ.කෑම අඩු කරන්නෙ නිරෝගිකමට කියලා.


මේ දවස්වල ඉතිං විපක්ෂයෙ කියන ඔක්කොම ඉතිං මේ කන්න නැති බණේමයි කියන්නෙ.මේවා ඉතිං කන්න නැතුව අහගෙන ඉදලා බඩ පුරවගන්න ජනතාවක් ඉන්නෙ අපිට.උන් ආයෙ කියන්න යනවද උන් නොදෙන එකම කියන්නෙ නැතුව තමුසෙලත් වේලක්වත් දෙනවකො කියලා…එහෙම කියන්නෙත් නැහැ.මිනිස්සුත් බනිනවා.විපක්ෂෙත් බනිනවා.කන්න පුළුවන් රටක් හදා දෙන එක ආණ්ඩුවෙ වගකීම තමයි.තමන් ආවොත් දෙන්නෙ කොහොමද කියන එක පක්ෂවල වගකීමක් කියලා මිනිස්සු පිළිගන්නෙ නැහැ.
මෙහෙම තියෙද්දි සජිත් ඔන්න හාල් බෙදනවා.මිනිස්සු පෝලිමේ ඇවිත් අරගෙන යනවා.


“දවස් කීපෙකට හරි කුස්සියයි බඩයි බැලන්ස් කරගන්න පුළුවන්.හැබැයි ඡන්දෙ දෙන්නෙ මාලිමාවට”
ඔන්න නැන්ද කෙනෙක් අර බඩු මල්ල උත්සන් යන ගමන් කිව්වා.
එත‍කොට එයාල දිනුවමත් උඹලට බඩු දෙයිද?
“නැතුව උඹලටත් දෙයි,ඒ වගෙම තමයි අපේ පන්සලෙ පෙරහැරවල් එහෙම හොරට අල්ලගෙන ඉන්න අලි ඇත්තු ගෙනත් සාරෙට තියා ගන්න පුළුවන්”
මාලිමාව කැරකෙන්නෙත් එතකොට ඒ පැත්තටම ද.?
මට අහන්න හිතුණට ඇහැව්වෙ නැහැ.අනිත් අයනම් මොන මොනවද කිව්වා.නැන්ද කුණු හරුපයක් කියලා, සායත් ගාණකට උස්සලා පෙන්නලා කෑ ගහපු එවුන්ගෙ ප්‍රශ්න ඇහිල්ල හූවකටයි,හිනාවකටයි පෙරළලා ගියා.
රනිලා තමය රනිලා.අහල තියෙන්නෙම සුදිය ගැහැව්වම බඩේ එළිය යනවා කියලා.මේ යකා සුදිය ගහලා යන එකට පොරොප්පෙ ගහ ගත්තනෙ.
ඒක වෙන කතාවක්.රෝයල් තෝමියන් බිග් මැච් එකේ රනිල් ගැහැව්ව සිංදුව ජීවිතේට රනිල් විඳින කලාවෙ අහලගම් හතක නැති එකක්.හැබැයි ඒක වටේ පිරිලා ඉන්න උන් රනිල්ගෙ පංතිය.උන් එක්ක එකට ඉන්න බව පෙන්නන ගමන්ම රනිල් ඒ පෙන්නන්න කියන සිංදුවෙන් රනිල්ලා උරුම කරපු දුප්පත්කමයි නූගත්කමයි නිසා විඳවන බහුතරයක්ගෙ රසාස්වින්දනයටත් හේත්තුව දැම්මා.
ඒක ඇත්තටම පුංචියට ගන්න පුළුවන් විග්‍රහයක් නෙමෙයි.මේව හිතන්න හිත තෙත මදි නිසා බියර් හුණ්ඩුවකින් තෙමාගෙන ඉක්මණට ඇල වුණා.
මෙන්න ඒ පාර අර සජිත්ගෙ බඩු බෙදිල්ලට හිනාවෙන පක්ෂෙ නායකයො මේ වෙලාවෙ ඒකට උත්තරයක් දෙන්න බෙදිල්ලක් සූදාකම් කරනවා කියලා කතාවක් යනවා.ඒකට ඔය ෂ්රට් සපත්තු දෙන බඩු භාහිරාදිය දෙන අය එකෙන්ම සපොට්ලු.අන්තිම අමාරුවෙන් දවස ගෙවා ගන්න පක්ෂ සාමාජිකයත් පුළුවන් විදිහට මොනව හරි කරන්න සූදානම්ලු.


ගෝඨා කරපු මට්ටමටම, ඇඩ්වාන්ස් විදිහට කලාකාරයොයි නලාකාරයොයි නඟින වේදිකා වගෙම මේ බෙදිල්ලත් ඇඩ්වාන්ස් කරන්න තමයි කට්ටියගෙ කතාව.
බඩු ගේන්න ඕනි ලොරි ගාණම ආපහු ඒවා ගෙනියන්නත් තිබ්බම ඇති නේද?
වැඩේට බැහැල උනන්දුවෙන සහෝදරයෙක් බෙදන බඩු ටික ගණන් හදන ගමන් අහනවා.
ගේන්න විතරනෙ ලොරි ඕනි.යනකොට අපි ඉතිං කොහොම හරි අරගෙන යන්නම් සහෝදරයා.
කා එක්කද පුට්ටු වෙලා ආපු සහෝදරයෙක් මේක අහගෙන ඉදලා කිව්වා.


“නැහැ සහෝදරයා මේකෙ අපි පහල කාඩරයෙ සහෝදරයන්ට බෙදන්න තීරණය කරලා නැහැ.රටේ තියෙන අපිට බලපාන ප්‍රශ්න වෙනුවෙන් සියල්ලට නායකත්වය දෙන්නෙ දේශපාලන මණ්ඩලයනෙ.අපි එයාලට පහසුවක් වෙන්න මේවා ඒ අයගෙ ගෙවල්වලටම බානවා.ගොඩකට බෙදන්න ගියොත් වැරද්දක් වෙන්නත් පුළුවන්.අපේ දේශපාලන මණ්ඩලයෙ සහෝදරවරුන්ට විතරක් බෙදුවොත් කවුරුත් එහෙම උදහස් වෙන්නෙ නැහැ.”


ඒ තරම් නිරවුල් හොඳ පැහැදිළි කිරිමක්.අහගෙන හිටය සහෝදරයගෙ කම්ඹුල් වෙව්ලන්න ගත්තා.ඇස් දිළිසුණා.තොල් දැගළුවා.ඊළඟ තත්පරයේ පැනලා බදාගෙන ඉහවහා ගිය සහෝදරත්වයකින් ඉඹගෙන ඉඹගෙන ගියා.

ද ක්ලීනර්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan