දකුණු කොරියාවේ වෛද්‍යවරුන්ගේ වර්ජනය අඛණ්ඩවම: දහස් ගණනකගේ බලපත්‍ර නැවත අහෝසි කිරීමට සැරසේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 12,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු කොරියාවේ 2025 අධ්‍යයන වර්ෂයේ සිට වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව 2,000 කින් වැඩි කිරීමට ජනාධිපති යූන් සුක් යොල්ගේ රජය ගනු ලබූ තීරණයට එරෙහිව ශික්ෂණ රෝහල් 100ක වෛද්‍යවරුන් 12,000කට ආසන්න පිරිසක් රජයේ වෛද්‍ය ප්‍රතිපත්තියට එරෙහිව මාසයක් පුරා ආණ්ඩු විරෝධී වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ආණ්ඩු විරෝධී 93%ක් වන වර්ජිත වෛද්‍යවරුන් 11,994ක් කියා සිටින්නේ, 2025 සිට වසරකට අමතර සිසුන් 2,000ක් බඳවා ගැනීම සේවාවල ගුණාත්මක භාවයට බාධාවක් වනු ඇති බවත්, ඒ වෙනුවට වැටුප් හා කොන්දේසි වැඩිදියුණු කරන ලෙසත්ය.

වර්ජනය හේතුවෙන් හදිසි ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් ඇතුළුව ශල්‍යකර්ම අවලංගු කිරීම්, දිගු රැඳී සිටීමේ වේලාවන් සහ ප්‍රතිකාර ප්‍රමාද කිරීමට හේතු වී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ වැඩවර්ජන කරන වෛද්‍යවරුන් 4,900 කට නැවත සේවයට යන ලෙස නියෝග කර ඇති බවත්, එය නොතකා කටයුතු කළහොත් ඔවුන්ගේ බලපත්‍ර අහිමි විය හැකි ක්‍රියා පටිපාටි සකස් කර ඇති බවත්ය.

වෛද්‍යවරුන්ගේ බලපත්‍ර අත්හිටුවන්නේ නම් එය මාස තුනකට වලංගු වන අතර එය අවම වශයෙන් වසරක්වත් විශේෂඥයින් ලෙස සුදුසුකම් ලැබීමේ හැකියාව ප්‍රමාද කළ හැකි දඬුවමකි.

වෛද්‍යවරුන්ගේ වර්ජනය සම්බන්ධයෙන් Yonhap ප්‍රවෘත්ති ඒජන්සිය විසින් ප්‍රකාශයට පත් කරන ලද මත විමසුමකට අනුව, 84% ක් වැඩි වෛද්‍යවරුන් බඳවා ගැනීමට සහාය දී ඇති අතර 43% ක් කියා සිටියේ වැඩ වර්ජනය කරන වෛද්‍යවරුන්ට දැඩි දඬුවම් ලැබිය යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ළසෝ දිය වෙන භූමිය” කෘතිය එළිදැක්වීම 12 වෙනිදා කොළඹදී

සටහන - රුවන් නෙළුගොල්ල සංජුලා ඕෂිනී පීටර්ස් විසින් පරිවර්තනය කරන...

හොඳ වෙලාවට අපේ කාදිනල්තුමා පාප් වුණේ නෑ. නැත්නම් මේකත් වතිකානුවක් වෙනවා – චාමර සම්පත්

හිටපු පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්ට, පූජිත් ජයසුන්දරට මෙන්න ජ්‍යේෂ්ඨ...

මහරගම, නාවින්නේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල මහරගම, නාවින්න බස් නැවතුම්පොල ඉදිරිපිටදී ඊයේ...

Wanderlust Wednesday: මහනුවර ප්‍රෞඩත්වය! (Kandy, Sri Lanka)

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...