පාකිස්තානයේ නව ජනාධිපති අසීෆ් අලි සර්දාරිගේ අපූරු තීරණය!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජනපති ආර්යාව ලෙස සිය දියණිය අසීෆා භූතෝ නම් කරන බව පාකිස්තානයේ නව ජනාධිපති අසීෆ් අලි සර්දාරි නිවේදනයක් නිකුත් කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

පාකිස්තානයේ නේෂන් පුවත් සේවය සඳහන් කරන්නේ ජනපති ආර්යාවට හිමිවන සියලු වරප්‍රසාද සිය දියණියට ලබාදීමේ අරමුණින් ජනාධිපතිවරයා මේ තීරණය ගෙන ඇති බවය. ජනපති ආර්යාව ලෙස දියණිය නම් කිරීමේ සිදුවීමක් පාකිස්තාන දේශපාලන ඉතිහාසයේ වාර්තා වන්නේ පළමු වතාවටය.

අසීෆ් අලි සර්දාරිගේ බිරිය වන පාකිස්තානයේ හිටපු අගමැතිනිය බෙනාසිර් භූතෝ 2007 වසරේ දෙසැම්බරයේ රාවල්පිණ්ඩි නුවරදී ඝාතනයට ලක්වීමෙන් පසු ඔහු වෙනත් විවාහයක් සිදු කර නොගත් අතර, සිය දියණියන් දෙදෙනා සහ පුත්‍රයා වෙනුවෙන් ජීවිතය කැප කරන බව ප්‍රකාශ කර තිබිණි.

පාකිස්තාන මහජන පක්ෂයේ සම සහාපති වන ඔහුගේ පුත්‍රයා 35 හැවිරිදි බිල්වාල් භූතෝ පසුගිය රජයේ හිටපු විදේශ ඇමැතිවරයා වේ. සර්දාරිගේ වැඩිමල් දියණිය 34 හැවිරිදි බක්තාවර් භූතෝ එරට සුබසාධන කටයුතුවල නිරතව සිටින අතර, ජනපති ආර්යාව ලෙස නම් කරනු ලැබු බාල දියණිය 31 හැවිරිදි අසීෆා සිය පියා සමඟ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...