(VIDEO):IMF ප්‍රතිසංස්කරණ ඉටු නොවුණොත් නැවත ආර්ථිකය අර්බුදයට යනවා.ඒකට ඉඩදෙන්න එපා – ආර්ථික විශේෂඥයින් ඉල්ලයි

Date:

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි කටයුතු කරගෙන යාම සදහා රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍ය බවත් ප්‍රධාන දේශපාලන පක්ෂ මේ සදහා සහයෝගය ලබාදීම අත්‍යවශ්‍යව බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

මේ වන විට ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් සිදුවෙමින් පවතින අතර උද්ධමනය විශාල ලෙස පහළට පැමිණ දුනුසිංහ මහතා පවසනේ.

කෙසේවෙතත් නැවත ආර්ථික අර්බුදයකට ලක් නොවීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු වන අතර ඒවා දුෂ්කර, දේශපාලනික වශයෙන් ජනප්‍රිය නොවන තීරණ වන හෙයින් මේ මොහොතේ ආණ්ඩු පක්ෂ විපක්ෂ යන සියලු පාර්ශව වල එකඟතාවක් අවශ්‍ය වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ තුනේ එකඟතාව පළකර තිබෙන හෙයින් දේශපාලන පක්ෂ ජනාධිපතිවරයා සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුවීමට තිබුණු බවයි මහාචාර්යවරයා කියාසිටියේ.

දේශපාලන පක්ෂ පසෙකලා දේශපාලනය කිරීමටත් රට තුළ ශක්තිමත් ආර්ථිකයක් තිබිය යුතු වන බවයි ඔහු අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වන රමේෂ් පතිරණ යළි ශ්‍රී...

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...