රටේ ආර්ථිකය, ව්‍යවසායකත්වය ගැන කතා කරන්න නම් ප්‍රාදේශීය සභාවක්වත් දිනලා එන්න – ඇමති චතුරංග

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දේශපාලනය යනු ව්‍යවසායකත්වයක් බවත් ව්‍යවසායකත්වය ගැන කතා කරන විපක්ෂයේ දේශපාලනඥයින් ජාතික ජන බලවේගය බලය ඇල්ලූ ක්‍රමය ගැන අධ්‍යනය කර ඉගෙනගත යුතු බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

“සමහර ව්‍යවසායකයො හිතන් ඉන්නවා ව්‍යවසායකත්වය කියන්නෙ ලාබ ලබන කර්මාන්තයක් කිරීම, ලාබ ලබන ව්‍යාපාරයක් කිරීම කියලා. ඒ වගේම ඒගොල්ලො හිතන් ඉන්නවා එහෙම ලාබ ලබන ව්‍යාපාරයක් කළාම ඒ විදියට දේශපාලනයත් කරන්න පුළුවන් කියලා. ඉතින් දේශපාලනය කියන්නෙත් ව්‍යවසායකත්වයක් තමයි. ඉතින් ඒ කියන සමහර ව්‍යවසායකත්ව දේශපාලනඥයින්ට කියන්න තියෙන්නෙ, බලන්න පොඩ්ඩක් ඉගෙන ගන්න ජාතික ජන බලවේගය කොහොමද ගොඩනැඟුණෙ, මොකක්ද මාකට් එකේ තිබුණ ගැප් එක, ඒ ගැප් එක හොයාගෙන කොහොමද කණ්ඩායමක් විදියට සමස්ත ඉතිරි තරගකරුවන් ඔක්කොම පරද්දලා රටේ බලය අත්පත් කරගත්තෙ ? ඒක තමයි ව්‍යවසායකත්වය කියන්නෙ. ඒ නිසා රටේ ව්‍යවසායකත්වය ගැන, ආර්ථික ව්‍යවසායකත්වය ගැන කතා කරන්න කලින් ඉතින් ප්‍රාදේශීය සභාවක්වත් දිනාගන්න පුළුවන් වෙන්න ඕනෙ”

චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...

පවන් දුර්මත බිඳියි – සහයට කෙනෙක් සිටියානම් ඓතිහාසික ජයකට යාමට තිබුණු ඉණිමක් දියත් කරයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: ඉතිහාසයේ එක් කලෙක ශ්‍රී...

කාලගුණයේ යළිත් වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 28) දිනයේදී දිවයිනේ බොහෝ...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්න. අපිත් සහයෝගය ලබා දෙන්නම් – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...