රාජපක්ෂලාගේ කතරගම නිවසේ විමර්ශන වාර්තාව නීතිපතිට!

Date:

කොළඹ LNW:කතරගම ප්‍රදේශයේ ඉදිකර තිබෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධ විමර්ශනවල කරුණු නීතිපතිවරයා වෙත යොමු කරන බව පොලීසිය පවසයි.

අනතුරුව නීතිපතිවරයා විසින් දෙන උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

එම නිවස සම්බන්ධයෙන් පසුගිය 10 වැනිදා සහ ඊයේ (11)දින කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර මහතාගෙන් සහ කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබොවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

එමෙන්ම එම නිවස ඉදිකිරිමේදී විවිධ අවසර ලබා ගත් කතරගම ප්‍රදේශයේ රාජ්‍ය ආයතන,පළාත් පාලන ආයතන මෙන්ම කතරගම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරින්ගෙන් ද ප්‍රකාශ ලබාගෙන තිබේ.

අදාළ ඉදිකිරීම් කර ඇත්තේ 2006 වසරේදී වන අතරතමන් වහන්සේ කිරිවෙහෙරට පැමිණ ඇත්තේ 2013 වසරේ වන හෙයින් තමන්ට ඒ සම්බන්ධ වගකීමක් ගත නොහැකි බව ප්‍රකාශ කළ බවයි පූජ්‍ය කොබොවක ධම්මින්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...