සැකකරු අත්අඩංගුවට ගත්තද වෛද්‍ය වැඩවර්ජන තවදුරටත් ක්‍රියාත්මකයි!

Date:

කොළඹ LNW:අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකව ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් මෙන්ම සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය ප්‍රකාශ කර තිබෙන පරිදි හෙට උදෑසන 08.00 දක්වා ක්‍රියාත්මක වන බව එම සංගමය පවසයි.

එම වර්ජනය අද පෙරවරු 08.00ට ආරම්භ විය.

මේ වන විට අදාළ සිධියට සම්බන්ධ සැකකරු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව වැඩවර්ජනය සැකකරු අත්අඩංගුවට ගැනීමට පමණක් සීමා නොවන අතර අදාළ සිදුවීමට දැඩි අප්‍රසාදය සහ විරෝධතාව පළ කිරීමත් විරෝධතාවෙන් බලාපොරොත්තු වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් අද සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍යවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ජාවක් ද පවත්වා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර CID අධ්‍යක්ෂවරයා ලෙස පත්වෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...

‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය නිළවශයෙන් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...