*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

හෙන්රි කන පිට පෙරැලූ තරගය මැතිව්ස් යළි වීවෘත සටනක් බවට පත් කරයි

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලියේ දී අප මුලින්ම අවධාරණය කළේ නවසීලන්ත පිතිකරු නාමාවලියේ මුලකොටස මෙන්ම අග කොටසේ ද ඇති අනතුරුදායකකම ගැනය.එය ඒ ආකාරයටම සිඳු වූ නිසා ශ්‍රී ලංකාව මුල් ඉණිමට ලබා ගත් ලකුණු 355 රැක ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් නවසීලන්තයට එරෙහිව දියත් කළ මෙහෙයුම අඩාල විය.එහිදී නවසීලන්ත මුල් පෙළ සිතූ තරමට දක්ෂතා නොදක්වද්දී,හුදෙකලා සටනක නිරත වූ ඩැරල් මිචෙල් සිය පසුපෙළ කළමණාකරණය කරමින් අගනා ශතකයක් ලබා ගැනීමට සමත් විය.එම ලකුණු 102 ලබා ගැනීමේදී මිචෙල් මැට් හෙන්රි සමග අටවන කඩුල්ලට ගොඩ නැඟුව ලකුණු 56 ක සබඳතාවය ඉතා වැදගත් විය.

අටවන කඩුල්ල ලෙස මිචෙල් දැවී ගිය ද එ වන විට හොඳින් පන්දුව දකිමින් සිටි හෙන්රි ආරක්ෂාවට වඩා ආක්‍රමණික වෙමින් ප්‍රහාරයක් දියත් කරන්නට පටන් ගත් අතර නීලි වැග්නර් (27) සමඟ ඔහු නවවන කඩුල්ලට තැබූ සබඳතාවය ලකුණු 69 ක් විය.හෙන්රි ලකුණු 72 ක් ලැබූ අතර එය පන්දු 75 න් වාර්තා වූ හයේ පහර 3ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් වූ ප්‍රචණ්ඩකාරී ඉණිමක් විය.
තවමත් ටේස්ට් තරග 19 ට සීමා වී ඇති හෙන්රිගේ ටෙස්ට් ජීවිතයේ ඔහු ලැබූ හතරවන අර්ධ ශතකය මෙය බැවින් ඔහු පිතිකරුවෙක් ලෙස ප්‍රතිවාදීන්ගේ අවධානයට ලක් විය යුතුම ක්‍රීඩකයෙක් බව කිව යුතුය.මීට පෙර පකිස්තානයට එරෙහිව ලබා තිබූ ලකුණු 68 ක සීමාව පසු කර ගිය හෙන්රි ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කර ලකුණු 72 ඔහුගේ ටෙස්ට් දිවීයේ හොඳම ඉණිම බවට පත් කර ගත්තේය.ලකුණු 373 දී නවසීලන්ත ඉණිම නිමා වන විට එය ශ්‍රී ලංකා ඉණිමට වඩා ලකුණු 18 ක් ඉදිරියෙන් රැඳීණ.

පළමු ඉණිමේ ලකුණු 18ක් පසුපසින් සිට පහර දීමේ අභියෝගයට පිවිසි ශ්‍රී ලංකාව ඒ පීඩනයත් සමඟ ඉදිරියට යාමට ගත් උත්සාහයේදී යම් සසලවීමක් ඉණිම ආරම්භයේදීම දකින්නට තිබුණත්,පළපුරුදු ඇන්ජලෝ මැතිවිස් එම අභියෝගයට ශක්තිමත්ව සහ කල්පනාකාරීව මුහුණ දිය හැකි බව ඔප්පු කරන්නට සමත් විය.මිනිත්තු 345 ක් පුරා කඩුල්ලේ සිටි මැතිව්ස් පන්දු 235 ට මුහුණ දෙමින් ලකුණු 115 ක් රැස් කරමින් තරගය නැවත දෙපිළටම විවෘත තැනක තැබීමට පෙරමුණ ගත්තේය.ඔහු සමඟ කණ්ඩායමේ සිටින අනෙක් පළපුරුදුම ක්‍රීඩකයා වන දිනේෂ් චන්දිමාල් (42) සමඟ හයවන කඩුල්ලට ඇති කළ ලකුණු 105 ක සබඳතාවය පළපුරුද්ද ප්‍රදර්ශනය කළ එකක් විය.පීඩනය ඉදිරියේ නොසැලී ඉහළ මානසික ඒකාග්‍රතාවයක් සහිතව ඇති කරන ලද ඒ සබඳතාවයෙන් පසුව යළිත් මැතිව්ස් සහ ශ්‍රී ලංකා ඉණිම නිමා වන තෙක්ම කඩුල්ල රැකගෙන නොදැවී ලකුණු 47 ක් ලැබූ ධනංජය ද සිල්වා හත්වන කඩුල්ලට ලකුණු 60 ක් එක් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පිළිගත් පිතිකරුවා ලෙස නිරෝෂන් දික්වැල්ල ධනංජය සමඟ යම් ලකුණු සබඳතාවයක් එකත් කළ යුතුව තිබුණත්,දික්වැල්ල “පුළුවන්නම් මං නැතිව ක්‍රිකට් ගහපල්ලා” යනුවෙන් පවසන ආකාරයෙන්,තමන්ට ලැබෙන අවස්ථාවන් ගැන සැක නොමැති නිසා,වගකීම් විරහිතව පහර දී ලකුණු නොලබා දැවී ගියේය.අනතුරුව ධනංජය සහ ලහිරු අතර ලකුණු 2 ක් නොමැතිනම් එක ලකුණ හෝ නොලබා පන්දුවට පහරදීමේ වාරය ධනංජය රැකගත යුතුව තිබියදී එක ලකුණ දෙකක් බවට පත් කරන්නට ගත් උත්සාහයේදී ලහිරු කුමාර ලකුණු 8 ට දැවී ගියේය.කඩුලු තිබීම ලකුණු ලැබීමට හේතුවක් බව පෙනෙන්නට තිබියදී සිඳු වූ ඒ දුවද්දී දැවී යාමෙන් පසුව තවත් ලකුණු 4 ක් එක් වෙද්දී අසිත ප්‍රනාන්දු මුළු ලකුණු ප්‍රමාණය 302 ක් ව තිබියදී ලකුණු නොලබා දැවි ගියේ ශ්‍රී ලංකා දෙවන ඉණිම ලකුණ 302 ට සීමා කරමින්ය.

ශ්‍රී ලංකා දෙවණ ඉණිමේ දී විනාශකාරී පන්දු යවන්නා වූයේ බ්‍රේස්වේල් ටිකන්ර් ය.ඔහු ලකුණු 100 ට කඩුලු 4 ක් බා ගැනීමට සමත් විය.පන්දුවෙන්ද දසකම් දක්වමින් මෙට් හෙන්රි කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 71 ට ය.
ජයග්‍රහණයට නවසීලන්ත ඉලක්කය ලකුණු 285 කි.එම ලකුණු ප්‍රමාණය යනු පස්වන දිනයට හොඳ අභියෝගයක් එක් කළ හැකි ලකුණු ප්‍රමාණයකි.විශේෂයෙන්ම ප්‍රභාත් ජයසූරිය වැනි දඟ කැවීමේ විශේෂඥයෙක් සිටීම එම අභියෝගයේ පළල වැඩි කරන සාධකයකි.නමුත් තවමත් ක්‍රයිස්චර්ච් තණතිල්ල හොඳින් දඟ කැවෙන මට්ටමේ නැති බැවින් ප්‍රභාත්ට දඟ කැවීම තරමටම උපායශිලී විය යුතුය.කෙසේ නමුත් දෙවන ඉණිමේ මැතිව්ස් ශ්‍රී ලංකා නවසීලන්ත තරගය විවෘත තීරණයක් අභියස තනා ඇත.පස්වන දිනය අතිශයින් උද්වේගකර ක්‍රිකට්මය දිනයක් කරන්නට දෙපිළම උත්සාහ දරනවා සැක නැත.හදිසි කාලගුණ බලපෑමක් නොවුණහොත් කඩුලු නවයක් අතැතිව ජයග්‍රහණයට තවත් ලකුණු 257 ක් පසුපසින් සිටින නවසීලන්තය සිය ඉලක්කයට පැමිණීමට ඉඩ ඇත.නමුත් එය පහසු කාර්යයක් නොකරන්නට දිමුත් කරුණාරත්න සිය පන්දු යවන්නන් මෙහෙයවන්නට සෑම උපක්‍රමයක්ම දරනවා ද සැක නැත.ඒ නිසා හෙට දවස ජයග්‍රහණය දෙපිළිටම විවෘතය.ක්‍රිකට් විචිත්‍ර වන්නේ මෙවැනි පසුබිම් යටතේය.

ලකුණු පූවරුව තත්පරයෙන් තත්පරය වෙනස්වන හැටි පහත සබැඳියට පිවිසීමෙන් දැක ගන්නට හැකිය.ඡායාරූපයේ සිටින්නේ ඉතා විශිෂ්ඨ ශතකයක් සමඟ ශ්‍රී ලංකාව නැවත තරගයට කැඳවාගෙන ආ ඇන්ජලෝ මැකිවිස් ය.

https://www.espncricinfo.com/series/sri-lanka-tour-of-new-zealand-2022-23-1322351/new-zealand-vs-sri-lanka-1st-test-1322357/full-scorecard

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan