දොලවත්ත, සේමසිංහ අධිකරණයට අපහාස කළා ද?

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): පළාත් පාලන මැතිවරණයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කටයුත්තකට අදාළව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන් විසින් පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයන්වලට සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය දැඩි අවධානය යොමුකර තිබේ.

ඊයේ (11) දින නිකුත් කළ නිවේදනයක් හරහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුව අවධාරණය කර සිටියේ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගොනු කළ SCFR 69/2023 අංක දරණ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් අතුරු නියෝගය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකරන බවට දොලවත්ත මන්ත්‍රීවරයා විසින් සිදුකළ ප්‍රකාශය සහ ඔහුගේ ප්‍රකාශය වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව විසින් සමාලෝචනය කොට නිගමනයක් ලබා දෙන තුරු එම නියෝගයට අදාළව කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දෙන මෙන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා විසින් නියෝජ්‍ය කතානායකවරයා ගෙන් ඉල්ලා සිටීම තුළින් අධිකරණ කටයුතුවලට බාධාවක් සිදුව ඇති මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලු කිරීමක් ද සිදුව ඇති බවයි.

අධිකරණයේ ස්වාධීනත්වය ශ්‍රී ලංකා වැසියන්ගේ අස්පර්ශනීය උරුමයක් වන අතර, පුරවැසියා සහ රාජ්‍යය අතර මෙන්ම පුරවැසියන් අතර යුක්තිය ක්‍රියාත්මක වීම තහවුරු කිරීම සඳහා ස්වාධීන අධිකරණයක් පැවතීම අත්‍යාවශ්‍ය බව රජයේ සියලු පාර්ශව විසින් අවබෝධ කර ගත යුතු බවත්, අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලු කිරීමෙන් අතීතයේ ලද පාඩම් වලින් උගනීමට සහ එසේ කිරීමෙන් වැළකී සිටීමට රජය කටයුතු කළ යුතු බවත් නීතීඥ සංගමය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...