හිරේ විතරක් නෙමෙයි දියවන්නාවේ ඉදලම, සිරගෙදරින් එළියෙ වැරදි කරන අය ඉන්නවා – ගායන ශිල්පිණී ප්‍රදිපා ධර්මදාස

Date:

එක්සත් ජාතික පක්ෂ රජය සමයේ වාරණයට ලක් වූ දූවිල්ලෙන් සැඳුණ ලියේ ගීත කැසට්පටය නිර්මාණය කළ ගායන ශි්ල්පිණි ප්‍රදීපා ධර්මදාස මහවැලි කේන්ද්‍රයේ පැවති සිපිරිගේ පාමුල 2 කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමට එක්වෙමින් වැරදි කරන අය සිරගෙදර පමණක් නොව දියවන්නාවේ සිට එළියේ ද ඕන තරම් සිටින බව පැවසීය.ඔවුන් සිරගතව නොමැතිකම පමණක් එහි ඇති එකම වෙනස බව සිහිපත් කළාය.

සිපිරි ගේ පාමුල කාව්‍ය සංග්‍රහයන් එළි දක්වන්නට එහි සංකල්ප මතධාරියා ලෙස බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායකත් බන්ධනාගාර අධ්‍යක්ෂ ජෙනරාල් තුෂාර උපුල්දෙණිය ඊට සහයෝගය දෙමිනුත් බන්ධනාගාර නිලධාරීන් මෙහෙයවීම ගැන ඇය ඔවුන්ට සිය ස්තූතිය පුද කළාය.

ඇය සිර රැඳවියන්ගේ හැකියාවන් සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පළ කරමින් ඇය ගැයූ ගීයෙන්ම ඔවුන්ගේ හැකියාවන් සහ අවශ්‍ය්‍යතාවයන් ඉටු කර දෙන්නට සමාජය මැදිහත් විය යුතු බව පෙන්වා දුන්නාය.වෙන වයනා මිනිස්සුන්ට විණාවක් ගෙනත් දිය යුතු බවත්,ගී ඇසීමට මිනිසුන්ට පන් පැඳුරක් එලා දිය යුතු බවත්,ගී ගයනා මිනිසුන්ට පැන් තලියක් සකස් කළ දිය යුතු බවත් මෙහිදී ප්‍රදීපා පෙන්වා දුන්නාය.ඇය දූවිල්ලෙන් සැඳුන ලියේ ගීතය ගායනා කළාය.ඇයගේ ප්‍රකාශයන් ඉතා වැදගත් වන්නේ ඇය ආණුඩුවේ මාධ්‍යභාර අමාත්‍යවරය වන ඩලස් අලහප්පෙරුමගේ බිරිඳ වන බැවින්ය.විවාහයට පෙර ඇය ගායිකාවක ලෙස මෙන්ම රංගන ශිල්පිණියක ලෙස ද ජනතාව අතර ජනප්‍රියත්වයටත් වඩා ගෞරවයට පත්ව සිටි කලාකාියක වූ අතර ඇය රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොදම නිළිය ලෙස ද සම්මානයට පාත්‍ර වූ රංගන ශිල්පිනියක් වූවා ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...