Friday, March 31, 2023
spot_img

Latest Posts

ජනාධිපති කියන්නේ රුකඩේ-රුකඩේ නටවන කොරා බැසිල්-මහින්ද දැන් පතෝල – විජයදාසගේ විග්‍රහය (VIDEO)

බැසිල් රාජපක්ෂට හෝ මේ ආණ්ඩුවට තවදුරටත් රට කර වීමේ හැකියාවක් නැති අතර දැන් ජනතාව විසින් අලුත් බලවේගයක් ඇතිකර ගත යුතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ජන්දය දුන් 69 ලක්ෂයට පමණක් නොව ජාත්‍යන්තරයට පවා දුන් පොරොන්දු සියල්ල ආණ්ඩුව විසින් කඩ කර තිබෙන අතර ඉටු කරන ලද එක පොරොන්දුවක් හෝ ඇත්නම් ඒ ගැන පවසන ලෙසයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

මේ වන විට ජනාධිපතිවරයා රූකඩයක් බවත් එම රූකඩය නටවන කොරා බැසිල් රාජපක්ෂ බවත් මහින්ද රාජපක්ෂ දැන් පතෝල ගානට වැටී ඇති බවත් ඔහු සඳහන් කරන ලදී.

මේ අතර එදා තමන්ද 20 වෙනි සංශෝධනයට අත එසවීම ගැන කම්පා වී සිටින අතර ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විශ්වාසය තැබීමේ පාප කර්මය දැන් ගෙවමින් සිටින බවද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.