*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

කොණ්ඩා පටලවා ගන්නා දේශපාලන සංස්කෘතිය තුළ රෝහිණී – හරිනි – බුද්ධික – චන්න ගේ සංවාදය වැදගත් වන්නේ ඇයි?

ඊයේ (11) දින අතිවිශේෂ සිදුවීමක් පාර්ලිමේන්තුවේ සිදුවූවා. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී විජේරත්න මහත්මිය ශ්‍රී ලංකාවේ මනෝඋපදේශනය නියාමනයට ලක්කළ යුතු බවත් LGBTQIA+ ප්‍රජාව ඉලක්ක කරගෙන සිදුවන හානිකර පරිවර්තන චිකිත්සා තහනම් කිරීමට පියවර ගත යුතු බවත් යෝජනා කර සිටියා. මෙවන් යෝජනාවක් ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරටයි.

බලපත්‍රලාභී හා නිසි නියාමන ඒකකයක් තුළ ලියාපදිංචි වූ මනෝඋපදේශන සේවාවන් අප රටේ ක්‍රියාත්මක වනවා ද යන සංවාදයට තවමත් සමාජය මුල පුරා නැති මොහොතක මෙවන් යෝජනාවක් ඉදිරිපත් කිරීමත්, ශ්‍රී ලංකාවේ ආන්තීකරණයට ලක්වන ප්‍රජාවක් වන LGBTQIA+ ප්‍රජාව ඉලක්කකර ගනිමින් නිහඬ මාරයකු ලෙස ක්‍රියාත්මක වන අවිද්‍යාත්මක පරිවර්තන චිකිත්සා තහනම් කිරීම පිළිබඳ මහජන නියෝජිතයන් අතර අවධානය යොමුකිරීමත් පිළිබඳව අප පළමුව රෝහිණී විජේරත්න මන්ත්‍රීතුමියට ස්තූතිවන්ත විය යුතුයි.

මානසික සෞඛ්‍යය පෙහොට්ටු – සජබ – ජාජබ ප්‍රශ්නයක් ද? නැත. මෙය දේශපාලන කරුණක් නොවේ, මෙය ආණ්ඩු පෙරලීමේ අවියක් නොවේ. යහපත් මානසික සෞඛ්‍යය හා මානසික සුබසිද්ධිය අප කාටත් වැදගත් වන කරුණක්. තනි තනි පුද්ගල සිදුවීම් වල සිට සියවස් ගණනක නිදහස් අරගලය, 70 – 80 දශක වල සිදුවූ සන්නද්ධ අරගල, තිස් වසරක යුද්ධය, විවිධ දේශපාලන අස්ථාවරභාවයන්, පාස්කු ප්‍රහාරය, වසංගත තත්ත්වය, හා ආර්ථික කඩා වැටීම් ආදී සමාජීය සිදුවීම් දක්වා සමස්ත ශ්‍රී ලාංකිකයන්ට විවිධ මට්ටමෙන් බලපෑ හා බලපාන ප්‍රශ්නයක්.

අප නිතර දෙවෙලේ දකින්නේ ‘රට හදන තැන’ තැන ඉදිරිපත් වන යෝජනා චෝදනා හමුවේ එකිනෙකා ගේ කොණ්ඩා පටලවා ගැනීම් ය; එකිනෙකාගේ රෙදි ගලවා ගැනීම් ය. විවාදයට බඳුන් කළ යුතු කාරණාව පසෙක තබා දේශපාලනික වශයෙන් පහර දී ගැනීම් ය. යෝජනාවක් ඉදිරිපත් වන්නේ ආණ්ඩු පාර්ශවයෙන් ද, විපක්ෂය පාර්ශවයෙන් ද යන කරුණ බැහැර කොට එම යෝජනාවේ ඇති වැදගත්කම සමාලෝචනයට බඳුන් කරනු වෙනුවට අදාළ යෝජනාව ඉදිරිපත් වන්නේ විපක්ෂයෙන් නම්, විපක්ෂයට තඩිබෑම හෝ, ඉදිරිපත් වන්නේ ආණ්ඩුවෙන් නම් ආණ්ඩුවට තඩිබෑම පාර්ලිමේන්තුවේ නිතර දකින සම්ප්‍රදායයි.

ඊයේ දින සංවාදය වැදගත් වන්නේ ඇයි? එය පාර්ලිමේන්තු ඉතිහාසය තුළ එදාමෙදා තුළ ඇතිවූ විශිෂ්ටතම විවාදයක් බව අපගේ හැඟීමයි. විපක්ෂයේ මන්ත්‍රීවරියක් ඉදිරිපත් කළ යෝජනාව එකඑල්ලේම පක්ෂ – විපක්ෂ සියලු දෙනා අනුමත කරන මෙවන් අවස්ථා පාර්ලිමේන්තුවේ ඉතා විරල ය. එපමණක් නොව සමාජය තුළ කතා කිරීම පවා සීමා කර තිබෙන විවිධ ලිංගික අනන්‍යතා දරන ප්‍රජාවන්ගේ අයිතීන් මෙලෙස පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව ආමන්ත්‍රණය වීම අගය කළ යුතුය. රෝහිණී විජේරත්න මන්ත්‍රීතුමිය ඉදිරිපත් කළ යෝජනාව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය, ආණ්ඩු පාර්ශවය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පමණක් නොව, එම මොහොතේ මුලසුන හෙබවූ සුරේන් රාඝවන් මන්ත්‍රීවරයා ද පාර්ලිමේන්තු සම්ප්‍රදාය පවා බැහැර කරමින් අනුමත කළ අන්දම අප දුටුවා.

වසංගතය සමඟ මතුවූ උපදේශන රැල්ල

යහපත් මානසික සෞඛ්‍යය කුඩා දරුවාගේ සිට වියපත් වැඩිහිටියා දක්වා ම කොන්දේසියකින් තොරව වැදගත් වන කරුණක්. නිවස තුළ වේවා, පාසල තුළ වේවා, රැකියා ස්ථානය තුළ වේවා, මඟ තොටේ වේවා, ඒකාකෘතියකට ලක්වී වැඩ කරන මිනිසුන් ගේ පිරිහෙන සෞඛ්‍යයට මානසික සෞඛ්‍යය ද අදාළ බව අප බොහෝ දෙනෙකු අමතක කරන කරුණක්. අප ජීවත්වන සමාජයේ මුහුණ පෑමට සිදුවන විවිධ ගැටළු හමුවේ ඒවා නිරාකරණය කර ගැනීමට යහපත් මානසික සෞඛ්‍යයක් තිබීම අත්‍යාවශ්‍යය.

මනෝඋපදේශනය විධිමත් නියාමනයකට යටත් කළ යුතුය යන සංවාදය රටේ නිර්මාණය වූයේ කෙසේද? මීට මාස කිහිපයකට පෙර පොලිස් ශ්‍රවණාගාරයක් තුළ මනෝඋපදේශිකාවක යැයි හඳුන්වා ගත් කාන්තාවක විසින් සමලිංගිකත්වය පිළිබඳ ඉතාමත් වෛරීසහගත අන්දමින් සාවද්‍ය කරුණු රාශියක් ජනගත කළ අන්දම ඔබට මතක ඇති. මෙම සම්මන්ත්‍රණය පැවැත්වූ කාන්තාවට එරෙහිව මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ගයක් ද ගෙන තිබෙනවා. ඈ පමණක් නොව, වසංගත තත්ත්වයත් සමඟ මතුවූ වූ සමාජ මාධ්‍ය-මූලික ක්‍රියාන්විත රැල්ල නිසා අතරින් පතර මතුවූ මෙවන් සෝෂල් ඉන්ෆ්ලුවන්සර්ස් ලා ගේ විවිධ සමාජ සංදර්ශන පසුගිය කාලය පුරාවටම පැවතියා. තම වෘත්තියේ ආචාරධර්ම පවා උල්ලංඝනය කරමින් පෞද්ගලික මතවාද ජනගත කිරීමට මෙවන් පුද්ගලයන් සමාජ මාධ්‍ය භාවිතා කළ අයුරු අප දුටුවා.

බොරුව හා මිත්‍යාව වැපිරීම භෞතික අවකාශය තුළ පමණක් සිදුකළ මොවුන් වසංගතය සමඟ මතුවූ සමාජ මාධ්‍ය රැල්ල සමඟ වරක “මට තිබෙන්නේ ශුද්ධ ජාන” යැයි පැවසුවා, වරක “ගබ්සාව කර්මය නම් උසාවිය තුළ විනිශ්චයට ලක්වේ” යැයි පැවසුවා, වරක “භගමනිය විශාල වීම සංක්‍රාන්ති ලිංගික” යැයි පැවසුවා, වරක “අපයෝජනයට ලක්වන ගැහැණු දරුවන් අඳින පළඳින විදිය ද ඊට බලපාන බව” පැවසුවා, වරක “මුලුතැන්ගෙයි ඉවුම් පිහුම් සිදුකළ යුත්තේ කාන්තාවන් නිසා ඔවුන් ඒවා යෞවන වියේදීම පුරුදු විය යුතු බව” පවසා සිටියා, වරක “සමලිංගිකත්වය යනු විකෘතියක්” බව පවසා සිටියා, වරක “කුඩා දරුවන් අපයෝජනය කරන්නේ සමලිංගිකයන්” බව පවසා සිටියා. කණගාටුවට කරුණ වන්නේ මේවා විශ්වාස කරන අනුගාමිකයන් පිරිසක් ම ඔවුන් වටා එක්රොක්වී සිටීමයි. මෙම පුද්ගලයන් සමාජගත කරන මිත්‍යාවට සමාජ මාධ්‍ය වලින් මුදල් ජනිත වන බවත්, ඔවුන් සිදුකරන්නේ ජනතාව අන්දවා මුදල් ලබා ගැනීම බවත් මෙම අනුගාමිකයන්ට නොපෙනේ ද යන්න අප දන්නේ නැත.

විද්වත් කතිකාවක් ඇතිකර ගත යුත්තේ විද්වතුන් සහ ඊට සවන්දෙන සමාජයක් සමඟ මිස සමාජ කවටයන් සමඟ නොවන බව අප මීට පෙරත් පවසා තිබෙනවා. විද්වතුන් ද සමාජ කවටයන් මෙන් හැසිරෙන මෙවන් යුගයක ඉහත පාර්ලිමේන්තු විවාදය පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකුට ආදර්ශයක් වන බව අප පවසන්නේ මේ නිසායි. මනෝඋපදේශනය නියාමනය කිරීම සඳහා රාජ්‍ය මැදිහත්වීම සිදුවිය යුතු අන්දම පිළිබඳ ඉතා හොඳ කරුණු දැක්වීමක් මෙම විවාදය අතරතුර සිදුවූවා. මෙම සංවාදය විද්වත් සංවාදයක් වීමත්, ඒ සඳහා කරුණු දැක්වීම සිදුකරනු ලැබුවේ ද විද්වතුන් කිහිපදෙනෙකු විසින් වීමත් මෙහි විශේෂත්වයක්. මෙය ද තවත් එක් සතියක දෙකක ජනතා අවධානය දිනාගත් පුවතක් බවට පත්ව ඔබගේ මතකයෙන් මැකී යනු ඇති. එයට අපට කළ හැකි දෙයක් නැහැ. නමුත් වත්මන් ශ්‍රී ලංකාව තුළ මතුව ඇති සෑම ගැටළුවක් ම මෙසේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සාමූහිකව විසඳා ගැනීමට හැකිවේ නම් කොපමණ අගේ ද යැයි අපට සිතෙනවා.      

නමුත් ඒ සමඟම, අහෝ.. මේ ශ්‍රී ලංකාව නේද යන්න යළි සිහිපත් වනවා….

ප්‍රමෝද් චින්තක පීරිස්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan