රූපවාහිනියේ බරත් ජනතාව මතට – වැටුප් ගෙවන්න කෝටි 24 ක් ඉල්ලයි

මාස 06 ක වියදම් පියවා ගැනීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 24 ක මුදලක් ඉල්ලා තිබෙනවා. මෙම මුදල ඉල්ලා තිබෙන්නේ වැටුප් හා අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහායි.

පෙබරවාරි මාසයේ සිට ඉදිරි ජුනි මාසය දක්වා කාලය තුළ වියදම් සඳහා රූපවාහිනී සංස්ථාව මෙම කෝටි 24 ක මුදල බලාපොරොත්තු වේ.

රූපවාහිනියේ ආදායම් දැඩිලෙස පහත වැටී ඇති අතර දැනට ලබන ආදායම සේවකයන්ගේ වැටුප් පියවීම සඳහාද ප්‍රමාණවත් නොවන බවයි වාර්තා වන්නේ. ආදායම් සහ වියදම් අතර පරතරය රුපියල් කෝටි 06 හමාරක් වන අතර මීට දැඩිලෙස බලපා තිබෙන්නේ මාසිකව ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ලැබුණු රුපියල් කෝටි 03 හමාරක මුදල අහිමි වීමයි.

මේ වනවිට රූපවාහිනී සංස්ථාවේ සමස්ත සේවක සංඛ්‍යාව 862 ක් වන අතර ඔවුන්ගේ වැටුප් සඳහා පමණක් සංස්ථාවට මාසිකව රුපියල් කෝටි 09 ක පමණ ආදායමක් උපයා ගත යුතුය. අයවැය යෝජනාවලට අනුව අතිරේකව ලබාදෙන රුපියල් 5000 දීමනාව සඳහා තවත් රුපියල් ලක්ෂ 50 ක් පමණ වැය කිරීමට සිදුව තිබේ.

මෙම තත්වය මත මහා භාණ්ඩාගාරයේ සහාය නොමැතිව රූපවාහිනී සංස්ථාව පවත්වාගෙන යා නොහැකි බවයි එහි පාලනාධිකාරිය මහා භාණ්ඩාගාරය වෙත දැනුම් දී තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...