ජාතික ජන බලවේගය බලයට පැමිණ වසර දෙකක් තුළ කළේ කුමක්දැයි බලාගෙන සිටින ඇතැමුන් ප්‍රශ්න කරන නමුත් වැඩක් කිරීමේ අමාරුව තේරුම් යන්නේ වැඩ කරනවිට බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
“දැන් අහනවානෙ හුඟක් දෙනෙක් ඇමතිතුමා, අවුරුදු දෙකක් වෙනවා මේ ආණ්ඩුව ඇවිල්ලා, මොකක්ද කළේ කියලා. සමහරු හිතාන ඉන්නෙ අවුරුදු දෙකක් විතර යනකොට ඇවිල්ලා මේ සින්ඩරෙල්ලාගේ මැජික් පොල්ලෙන් වගේ මේක මවන්න ඕනෙ කියලා සමහර ඒවා. මේක ඇවිල්ලා එක පාර මැජික් පොල්ලක් කරකවපු ගමන් මෙතන වෙළඳ මධ්‍යස්ථානයක් මැවෙන්න ඕනෙ. දැන් අවුරුදු 76ක් දුක් විඳපු සමාජයක්, අවුරුදු තිහ හතළියක් කැලෑවට වල් වැදිලා මේක මදුරු යායක්. ඇත්තටම ගත්තොත් එහෙම මේ ස්ථානය වසන්ත, මේ මාතරට ඩෙංගු බෝකරන මධ්‍යස්ථානයක්. මොකද මේකට කවුරුවත් එන්නෙ නෑ. එහෙම තැනක් තමයි අද මේ තොග වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්වෙලා තියෙන්නෙ. ඒක එතෙන්ට ගේන එක සරල නෑ. වෙන එකක් තියා මේ දවස්වල මේ තාර හොයාගන්න එකත් අමාරුයි. ඔය බලන් ඉන්න කෙනෙකුට අහන්න පුළුවන් මොනවද කළේ කියලා. හැබැයි කරනකොට තමයි ඒකෙ තියෙන අමාරුකම තේරෙන්නෙ. මේ දවස්වල විශේෂයෙන්ම කියන කතාවක් තියෙනවානෙ මේ බඩුමිල වැඩියි කියලා. අපිට මිල අඩුකරන්න පුළුවන්කම තියෙද්දී කිසිසේත්ම පාරිභෝගික භාණ්ඩයක මිල අඩු නොකර ඉන්නෙ නෑ”
සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ මාතර සතොස නව තොග වෙළඳ මධ්‍යස්ථානය විවෘත කිරීම වෙනුවෙන් ඊයේ (11) පැවති උත්සවයක් අමතමිනි.
කෙසේවෙතත් සින්ඩරෙල්ලා කතාව අනුව නම් ඇයට මැජික් යෂ්ටියක් හිමිව තිබුණේ නැති අතර ඇය කිසිදු මැජික් බලයක් නොතිබූ සාමාන්‍ය මනුෂ්‍ය තරුණියකි.


