චන්ද්‍රිකාලා, මෛත්‍රීලා, සජිත්ලා එකතු වෙලා, එකට එකතු වී කුමන්ත්‍රණයක් හදනවා – වකමුල්ලේ උදිත හිමි

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 13, කොළඹ (LNW): ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් ශාස්ත්‍රපති වකමුල්ලේ උදිත හිමියෝ පවසා සිටියේ, දූෂිත පාලකයෝ දිගටම රට හපයක් කරද්දී මහා සංඝරත්නයට නිහඬව තවදුරටත් නවගුණ වැල ගැණ ගැණ සිටීමට නොහැකි බවයි. සමහර ස්වාමීන් වහන්සේලාගේ වචන රළුයි; සැරයි. ඒකත් මේ වෙලාවේ අපට ඕනෑ. දානය, පිරිත, භාවනාව විතරක් කරමින් සංඝරත්නයට පන්සලට වී සිටීම සුදුසු නැතැයි උන්වහන්සේ කියා සිටියහ.

වකමුල්ලේ උදිත හිමියෝ තව දුරටත් පැවසූවේ,

“මේ ඌව – වෙල්ලස්ස, මේ රටේ ජාතික නිදහස උදෙසා තමන්ගේ ජීවිත කැප කරපු අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විශාල පිරිසකගේ ලෙයින් පෝෂණය වූ භූමියක් ලෙස. ඒ නිසා මේ රට දූෂිත පාලකයෝ වනසද්දී, මේ දිස්ත්‍රික්කයේ වර්තමානයේ මහා සංඝරත්නයට නිහඬව තවදුරටත් නවගුණ වැල ගැණ ගැණ ඉන්න බැහැ. ඒක තමයි ඔබවහන්සේලා මේ කියාපාන්නේ. ඔබවහන්සේලාගේ මේ වැඩම වීම වරදාන, වරප්‍රසාද, තාන්න මාන්න, විහාරස්ථාන ගොඩනඟා ගැනීම සඳහා නොවෙයි. එවැනි පහත් ආසාවක් ඔබවහන්සේලාට නැහැ. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අප කාටවත් පෞද්ගලිකව කිසිවක් ලැබෙන්නේ නැහැ. පෞද්ගලිකව කිසිවක් ඕන නැහැ කියමිනුයි ඔබවහන්සේලා මෙතැනට වැඩියේ.

ඒ හෘද සාක්ෂියේ ධෛර්යය ඔබවහන්සේලාට තිබෙනවා. ඔබවහන්සේලා වැඩියෙ මහා ජාතික මෙහෙවරකට උරදෙන්න. අපේ තේමාව “ජාතික පුනරුදයකට පෙරමඟ” කියන එක. තව මාස අටක් යනකොට අපේ රටේ පාලනය තීන්දු කරන තීරණාත්මක මැතිවරණයක් එනවා. ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජයග්‍රහණය කර, ජනාධිපති ධුරය භාරගෙන මේ දූෂිත ආණ්ඩුව විසුරුවලා, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්නට සූදානම් වුණෝතින් ඒ දූෂිත පාලකයන්ට දියවන්නාව තරණය කරන්න හැකිවේදැයි සැකයක් තිබෙනවා. මහින්දලා, බැසිල්ලා, රනිල්ලා,

චන්ද්‍රිකාලා, මෛත්‍රීලා, සජිත්ලා එකතු වෙලා, එකට එකතු වී කුමන්ත්‍රණයක් හදනවා. ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක් කැන්ද ගන්න. ඔවුන්ගේ කළු සල්ලි, ජාවාරම්කාරයන්ගේ බලය යොදාගෙන ජනමතය මංකොල්ලකන්න උත්සාහ ගනිමින් ඉන්නවා. ඒකට අවස්ථාවක් හදන්න උත්සාහ ගන්නවා ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක් ගේන්න. ජාතික ජන බලවේගයේ අපි ඕනෑම මැතිවරණයකට සූදානම්.

 දූෂිත පාලකයෝ පැරදිලා නිකං ඉන්නේ නැහැ. ඔවුන් අපට එරෙහිව කැරලි ගහනවා. ප්‍රතිවිප්ලව එනවා. දේශීය හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ එනවා. අපේ ජයග්‍රහණ වළක්වන්න ඔවුන් කුමන්ත්‍රණ කරනවා. අපිට එතකොට වැඩක් තිබෙනවා. “ජිතංව රක්ඛේ අනුවේස නෝසියා” ජයග්‍රහණය හොඳට ආරක්ෂා කර ගන්න ඕනෑ. කොහොමද ආරක්ෂා කර ගන්නේ. මේ රට පුනරුදයකට ගෙනයන්න ඕනෑ. මේ රට නැඟිට්ටවන්න ඕනෑ. අන්න එතකොට අපිට එස්. මහින්ද හිමියන්ගේ කවි ඕනෑ. “අපේ රටට පිළිමල් වන සතුරු මුළ – අපේ අයම නම් බිඳිනෙමු උන්ගෙ බල අපේ මුතුන් මිත්තන් මළ සොහොන්වල – පිපෙයි එවිට ජාතික අභිමාන මල” ඇස්. මහින්ද හිමියන්ගේ ඒ හයිය අරගෙන මේ ජයග්‍රහණය ආරක්ෂා කර ගන්න ඕනෑ. මොවුන් වනසපු රට මුල සිටන් ගොඩනඟන්න ඕනෑ” ලෙස පැවසූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...