මෙවර වෙසක් උත්සවය ඇමෙරිකානු ජනපතිගේ ප්‍රධානත්වයෙන් ධවල මන්දිරයේදී පවත්වන සූදානමක්……?

Date:

අශෝක ජයතුංග

මාර්තු 13 වොෂින්ටන් LNW ; පසුගිය වසරේදී මෙන්ම මෙවරත් වෙසක් උත්සවය ධවල මන්දිරයේදී සැමරීම නිමිත්තෙන් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ශ්‍රී ලංකා මන්දිර නිළ නිවසේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

        තානාපති සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඊට ධවල මන්දිරය, ලෝක මහා බෞද්ධ සංගමය, හා බුදු දහම පවතින රටවල රාජ්‍ය තාන්ත්‍රික ඉහළ පෙළේ නිළධාරීන් එක්වූහ.

       තානාපති සමරසිංහ මහතා එහිදී ලොව පුරා සිටින දසලක්ෂ 500 ක බෞද්ධ ජනතාවට බුදුන්ගේ තෙමඟුල සමරන වෙසක් උත්සවයේ වැදගත්කම පෙන්වා දුන්නේය. බුදුන් වදාළ සාමය, සහජීවනය ඉවසීම කරුණාව මෛත්‍රිය හා පරාර්ථකාමීත්වය වෙසක් උත්සවය හරහා සමාජගතවන බව ද තානාපතිවරයා කීය. ⁣තවද මෙවර උත්සවය ධවල මන්දිරයේදී ජනාධිපති බයිඩන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය හැකි නම් එය බෞද්ධ ජනතාවට කරන ගෞරවයක් බව ද සමරසිංහ මහතා පෙන්වා දුන්නේය.

     නේපාලය ඉන්දියාව තායිලන්තය ඉන්දුනීසියාව කාම්බෝජය මොන්ගෝලියාව ඇතුළු රටවල් රැසක ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් මෙම අවස්ථාවට එක්වූහ. ඇමෙරිකානු බෞද්ධ සංගමයේ සභාපති වැන්ග් මෝ ඩික්සි මහත්මිය තානාපතිවරයාගේ අදහස අනුමත කලාය. ධවල මන්දිරයේ ජේෂ්ඨ නිලධාරීනී  එරිකා මොරිටිසුගු මහත්මිය තානාපති මහින්ද සමරසිංහ මහතා වෙසක් උත්සවය හා බුදුදහම ගැන දක්වන උනන්දුව අගය කලාය..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...