අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය!

Date:

කොළඹ LNW:කුඹුරු ඉඩම් තුළ වගා කරන අතිරේක බෝග වර්ග සඳහා ද ඉදිරි කන්නයේ සිට රජයේ පොහොර සහනාධාරය හිමිවන බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

ඉදිරි යල කන්නය සඳහා අවශ්‍ය පොහොර තොග මේ වන විට ලැබී ඇති බවත් ඒ පොහොර නියමිත ප්‍රමිතියෙන් යුක්ත බව තහවුරු කොට ඇතැයි එම ලේකම් කාර්යාලයේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය ඩබ්ලියු.එම්.ඩබ්ලියු.ජී.ආනන්ද මහතා පැවසුවේය.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ මහා වාරි ව්‍යාපාරයේ ඉඩම් හෙක්ටයාර් 5620ක් තුළ වගා කරන අතිරේක භෝග සඳහා සහනාධාරය හිමිවන බව ද ඒ මහතා කීවේය.

නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ඊයේ (12) පැවැති මිනිපේ මහා වාරි ව්‍යාපාරයේ කන්න රැස්වීමට එක්වෙමිනි.

ඉදිරි යළ කන්නයට ජලවර නිකුත් කිරීම හා බෝග වගා කිරීම ඇතුලු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණී.

හෙක්ටයාර් 01ක් සඳහා රුපියල් 25 000ක මුදලක් ගොවියන්ට හිමිවන බව පැවසූ ඒ මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හෙක්ටයාර එකක් සඳහා යූරියා පොහොර කිලෝග්රූම් 225ක්, ටී.එස්.පී. පොහොර කිලෝ 55ක් සහ එම්.ඕ.පී. පොහොර කිලෝ 50ක් නිර්දේශ කොට ඇතැයි ද ප්‍රකාශ කළේය.

මහනුවර දිස්ත්‍රික්කයේ පොහොර බෙදා හැරීමේ කාර්යය සඳහා රජයේ පොහොර සමාගම් ඇතුලුව ආයතන 11ක් ඉදිරිපත් වී සිටින බවත් ඒ සියලු පොහොරවල ගුණාත්මකභාවය ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් අවස්ථා තුනකදී පරීක්ෂා කොට තහවුරු කර ගත් බව ද ආනන්ද මහතා පැවසීය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා මිනිපේ හා විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කෘෂීකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුලු කන්න රැස්වීමට අදාල ආයතන හා ගොවි සංවිධාන නියෝජිතයන් රැසක් සහභාගීව සිටියහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැයේ ඉලක්කය මෙන්න!

කොළඹ LNW: 2026 අයවැය මඟින් රටේ ඉදිරි සංවර්ධනයට අඩිතාලමක්...

වැසි තත්වයේ වෙනසක් – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 19) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

ඇෆ්ගන් විශ්වවිද්‍යාලවලින් කාන්තා කතුවරියන් ලියු පොත් තහනම් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්තානයේ...

වෙල්ලාලගේ පියා ජීවිතයෙන් පරාජය වෙද්දී ශ්‍රී ලංකාව අපරාජිතව පෙරට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 19, කොළඹ LNW: ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති...