බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකට එරෙහිව විමර්ශනයක්

Date:

කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් තුළ බිළිඳෙකු දමා යාමේ සිද්ධියට අදාළව එම බිළිඳාගේ මව අත් අඩංගුවට ගැනීමේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පොලිස්පතිවරයාගේ නියෝග අනුව පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය විසින් මෙම පරීක්ෂණය සිදුකෙරෙන බවයි පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව එම අත් අඩංගුවට ගැනීම, සැකකාරියගෙන් ප්‍රශ්න කිරීම, විමර්ශනයේ තොරතුරු පිළිබඳ සැලකිලිමත් වීමකින් තොරව එම කාන්තාව අපහසුතාවට පත්වන අන්දමින් කටයුතු කිරීම, ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳ පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ නොතකා කටයුතු කිරීම යන චෝදනා යටතේ මෙම පරීක්ෂණය සිදුකෙරේ.

මෙම බිළිඳාගේ මව පසුගිය 11 වනදා අත් අඩංගුවට ගෙන තිබුණු අතර මාධ්‍ය වාර්තාකරුවන් ද ඉදිරියේ ඇයගෙන් ප්‍රශ්න කරමින් අනීතික ලෙස ඇයව දැඩි අපහසුතාවට පත්වන ආකාරයට මෙම පොලිස් නිලධාරියා කටයුතු කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...