බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකට එරෙහිව විමර්ශනයක්

කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් තුළ බිළිඳෙකු දමා යාමේ සිද්ධියට අදාළව එම බිළිඳාගේ මව අත් අඩංගුවට ගැනීමේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පොලිස්පතිවරයාගේ නියෝග අනුව පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය විසින් මෙම පරීක්ෂණය සිදුකෙරෙන බවයි පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව එම අත් අඩංගුවට ගැනීම, සැකකාරියගෙන් ප්‍රශ්න කිරීම, විමර්ශනයේ තොරතුරු පිළිබඳ සැලකිලිමත් වීමකින් තොරව එම කාන්තාව අපහසුතාවට පත්වන අන්දමින් කටයුතු කිරීම, ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳ පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ නොතකා කටයුතු කිරීම යන චෝදනා යටතේ මෙම පරීක්ෂණය සිදුකෙරේ.

මෙම බිළිඳාගේ මව පසුගිය 11 වනදා අත් අඩංගුවට ගෙන තිබුණු අතර මාධ්‍ය වාර්තාකරුවන් ද ඉදිරියේ ඇයගෙන් ප්‍රශ්න කරමින් අනීතික ලෙස ඇයව දැඩි අපහසුතාවට පත්වන ආකාරයට මෙම පොලිස් නිලධාරියා කටයුතු කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...