මානව හිමිකම් කොමිසම හමුවට යනවාද ? – ඇමති ටිරාන්ගේ තීරණය

Date:

අද (13) දිනයේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී නොසිටීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා තීරණය කර තිබේ.

අදාළ කැඳවීම නිසි ක්‍රමවේදයක් යටතේ සිදුකර නොමැති බැවින් තමන් එහි නොයාමට තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය සතියේදී කොළඹ සහ කැළණිය විශ්ව විද්‍යාල අවට පැවති උද්ඝෝෂණ පාලනය කිරීමට පොලිසිය කටයුතු කළ ආකාරය පිළිබඳව විමර්ශනයක් මානව හිමිකම් කොමිසම විසින් ආරම්භ කර ඇති අතර එම විමර්ශනය සඳහා එම කොමිසම හමුවට මහජන ආරක්ෂක අමාත්‍යවරයාව 13 වනදා කැඳවන බව එම කොමිසම විසින් නිවේදනය කර තිබිණි.

කෙසේවෙතත් අමාත්‍යවරයාව කොමිසම හමුවට කැඳවීමේ තීරණය එහි සභාපතිනිය විසින් ගත් එකක් වන අතර කොමිසමේ සෙසු සාමාජිකයින් සිව්දෙනා තමන් පිළිබඳ කිසිවක් නොදන්නා බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි. පසුගිය පෙබරවාරි 28 වනදායින් පසුව කොමිසම රැස්ව නොමැති බවත් එහි එක් සාමාජිකයකු මේ වනවිට විදෙස්ගතව සිටින බවත් එම වාර්තාවල සඳහන් විය.

ඒ අනුව, මෙම කැඳවීම නිසි ක්‍රමවේදයෙන් බැහැරව සිදුකළ එකක් බැවින් ඊට සහභාගී නොවීමට තමන් තීරණය කළ බවත් ඒ පිළිබඳව මානව හිමිකම් කොමිසමට ලිඛිතව දැනුම් දීමට කටයුතු කරන බවත් අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළේය.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...

වවුනියාව විශ්වවිද්‍යාලයේ Technology Incubation Centre විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ විද්‍යා...