මානව හිමිකම් කොමිසම හමුවට යනවාද ? – ඇමති ටිරාන්ගේ තීරණය

Date:

අද (13) දිනයේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී නොසිටීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා තීරණය කර තිබේ.

අදාළ කැඳවීම නිසි ක්‍රමවේදයක් යටතේ සිදුකර නොමැති බැවින් තමන් එහි නොයාමට තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය සතියේදී කොළඹ සහ කැළණිය විශ්ව විද්‍යාල අවට පැවති උද්ඝෝෂණ පාලනය කිරීමට පොලිසිය කටයුතු කළ ආකාරය පිළිබඳව විමර්ශනයක් මානව හිමිකම් කොමිසම විසින් ආරම්භ කර ඇති අතර එම විමර්ශනය සඳහා එම කොමිසම හමුවට මහජන ආරක්ෂක අමාත්‍යවරයාව 13 වනදා කැඳවන බව එම කොමිසම විසින් නිවේදනය කර තිබිණි.

කෙසේවෙතත් අමාත්‍යවරයාව කොමිසම හමුවට කැඳවීමේ තීරණය එහි සභාපතිනිය විසින් ගත් එකක් වන අතර කොමිසමේ සෙසු සාමාජිකයින් සිව්දෙනා තමන් පිළිබඳ කිසිවක් නොදන්නා බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි. පසුගිය පෙබරවාරි 28 වනදායින් පසුව කොමිසම රැස්ව නොමැති බවත් එහි එක් සාමාජිකයකු මේ වනවිට විදෙස්ගතව සිටින බවත් එම වාර්තාවල සඳහන් විය.

ඒ අනුව, මෙම කැඳවීම නිසි ක්‍රමවේදයෙන් බැහැරව සිදුකළ එකක් බැවින් ඊට සහභාගී නොවීමට තමන් තීරණය කළ බවත් ඒ පිළිබඳව මානව හිමිකම් කොමිසමට ලිඛිතව දැනුම් දීමට කටයුතු කරන බවත් අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළේය.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...