පුංචි ඡන්දයට අවශ්‍ය ඉන්ධන කෝටාව වැඩිකරන්න තව මාස 6 ක් යනවා – කංචන (VIDEO)

Date:

පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකර දීම සඳහා තවත් මාස හයක පමණ කාලයක් ගතවනු ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

“මං දැක්කා පත්තරේක දාලා තියෙනවා ළඟදි බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇවිල්ලා ඉන්ධන ටිකක් ලබාදෙන්න එකඟවුණා කියලා මැතිවරණ කොමිසමට. මම අපේ නිලධාරීන්ගෙනුත් ඇහුවා කොහෙන්ද, අලුතින් ඉන්ධන ටිකක් කොහෙන්හරි ගෙනාවාද කියලා මමත් දන්නෙ නැතුව. අපේ නිලධාරීන් කිව්වා එහෙම එකක් කිව්වෙ නෑ කියලා. දැන් මෙතනත් ඉන්නවා අපේක්ෂකයො. මෙතන ඉන්න ඔබ තමුන්නාන්සෙලාත් අපෙන් කතා කරලා ඉල්ලනවා ඉන්ධන කෝටා එක වැඩිකරලා දෙන්න කියලා. එතකොට අපේක්ෂකයෝ 80,000 ටම ඉන්ධන කෝටා එක වැඩිකරන්න ඕනෙ. දෙන්නෙක් තුන්දෙනෙක්ට වැඩිකරලා හරියනවාද ඒක ? සතියකට බයිසිකලේට තියෙන ඉන්ධන කෝටාව ලීටර් 5යි, දවසකට දෙන්න කියලා ඉල්ලනවා ඒක. මමත් පිළිගන්නවා දවසට ලීටර් 5ක් දෙන්න ඕනෙ. හැබැයි දැන් ඒක දෙන්න බෑ. ඒක දෙන්න පුළුවන් දවසක් තියෙනවා. ඉන්ධන ආනයනය කරන්න මාස තුනක් – හයක් කලින් අපි කටයුතු කරන්න ඕනෙ සැලසුම් කරන්න ඕනෙ. ඒක තමයි මැතිවරණ කොමිසමට ගිය සතියෙත් අපි ගිහිල්ලා කිව්වේ ඇනවුම් කරන්න මාස හයක් වගේ අපට සැලසුම් කරන්න වෙනවා. මුදල් ටික හොයාගෙන ඇවිල්ලා අපේක්ෂකයින්ටත් ඕනෙ ඉන්ධන ටික අපි දෙන්නම්”

අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...