වඩ වඩාත් මිනිස් වෙමු ….

Date:

ගැහැණියක් විසින් පිරිමියෙක් මෘදුබවට පත්කළාට නම් කමක් නැහැ හැබැයි ඔහු දුර්වලයෙක් කරන එකනම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි කියල ෆ්‍රොයිඩ් කියනවා. ඒ වගේම ෆ්‍රොයිඩ් ඒකෙ අනික් පැත්ත එයාගේ Civilization and Its Discontents පොතේ කියන්නේ නැහැ. ඒ තමයි පිරිමියෙක් විසින් ගැහැණියක් දුර්වල හෝ පරායත්ත කරන එකත් එතරම් හොඳ දෙයක් නොවන බව.

අපි වගේ ගොඩ එන්න දඟලන රටවල් එකිනෙකා ශක්තිමත් කරන්න ඕනි (mutually empower). ධෛර්යය සපයන්න ඕනි. නිර්භීත කරන්න ඕනි. ස්වාධීන කරන්න ඕනි. හැබැයි ඒ සියල්ල එක්ක ස්වාධීන දෙන්නෙක් එකට ගමන්කරන්න ඕනි රිද්මයත් හොයාගන්න ඕනි.

ටික කළකට කලින් බුකියේ දැක්ක මේ ෆොටෝ එකට මම ආස හේතුව තමයි ගොඩක් මහළු වයසට ගිහිල්ල තිබ්බත් මේ තාත්ත තාමත් වැඩේ අත්හරින්නේ නැතිකම. මේක නිකම් අමුතු දසුනක් නෙවෙයි. සාමාන්‍යයෙන් ගමේ ගොඩේ හැම තැනකම මේ වගේ මිනිස්සු දකින්න පුළුවන්. අපේ ගමේ එක තාත්ත කෙනෙක් හිටිය එයා අවුරුදු අනුවක් ගිහිල්ලත් කුඹුරේ වැඩ කළා. අන්තිමට මැරුණෙත් කුඹුරේම තමයි.

මේ අම්මා තවමත් හැරමිටියෙන් එයාගේ මනුස්සයා වැඩ කරන තැනට ඇවිල්ල තියනවා. පුරුද්දට වගේ කෙහෙල් ගහක් ඉන්දනවා. ”අප්පේ දැන් වැඩ කරන වයස නෙවෙයි ඕක අල්ලලා දාල නිකම් ඉන්නවා කියන්නේ නැහැ”.

මේක ඕනිනම් දුප්පත්කම පිළිබඳ ප්‍රශ්නයක් හැටියටත් ගන්න පුළුවන්. හැබැයි මේ තියෙන්නේ සිසිපස් වගේ අත්නොහැර පැවැත්ම එක්ක අරගලකරන එක.

එහෙම අසහාය ශක්තියක් හැම මනුස්සයෙක් තුළම තියනවා. ඒ නිසා මිනිස්සු අහිංසක කැටිගරියට දාන්න ෆ්‍රොයිඩ් ඉක්මන් උණේ නැහැ. මිනිස්සු අහිංසක නැහැ.

එයාල අහිංසක කරන්නත් එපා. මොකද මිනිසා ඇතුලේ වෘකයෙක් ඉන්නවා. මිනිසා ඇතුලේ තියන බිඳවැටෙන සුළු ගතිය නිසාම මේ වෘකයා මිනිසා ඇතුලෙන් එළියට එනවා. ඉතිහාසය පුරාම මේක මිනිස් ශිෂ්ටාචාරය ඔප්පුකරලා තියනවා. මේ යක්ෂ ශක්තිය එක්ක මිනිස්සු අසහාය දේවල් කරලා තියනවා.

මිනිසා ආදරයට බය ආදරය ඇතුලේ තමයි එයා බිංදුවටම බිඳවැටෙන්න පුළුවන්. හැබැයි ඒ බිඳවැටෙන හැම වෙලාවකම එයා වැඩකිරීම ඇතුලේ එයාගේ ආත්මය ඇතුලේ ඉන්න යක්ෂයා අවදිකර ගන්නවා. ඒ යක්ෂ ශක්තිය එක්ක ජීවත් වෙනවා. ඉතිහාසය ඇතුලේ මිනිස්සු ලාමක ටිං ටිං නැහැ. හැබැයි වෘකයෝ හැටියට ජීවත් වෙන්නත් ඔට්ටු නැහැ.

වෘකයා මෘදු බවට පත්කරන්න ආදරය අවශ්‍යයි.

ඒ නිසා වැඩකිරීම (work) සහ ආදරය (love) යන ප්‍රපංච දෙක අතරේ කවදාවත් කඩන්න බැරි සම්බන්දයක් තියනවා.

මිනිස්සු ජීවත් වෙන්න ආදරය හොයනවා වගේම වැඩකරන එක ආදරයේ කොටසක් හැටියටත් තේරුම් ගන්න ඕනි. මිනිසා අහිංසක ලාමක ටිං ටිං වෙන එක නෙවෙයි වෙන්න ඕනි. වඩාත් මිනිස් වෙන එක.

මිනිසා වඩ වඩා මිනිස් වෙන්නේ නිෂ්පාදනය ඇතුලේ කියල මාක්ස් කියනවා. ණයට කන එක ඇතුලේ නෙවෙයි….

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...