*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

සිග්නේචර් බැංකුවත් කඩා වැටෙයි! ඇමරිකාව ආර්ථික අර්බුදයක් අභියස?

ඉසුරු පරාක්‍රම

ලෝකය (Outbound Today): තුන් වන වරටත් එක්සත් ජනපදයේ බැංකුවක් කඩා වැටී ඇති බව වාර්තා වෙයි.

එලෙස කඩා වැටී තිබෙන්නේ නිව් යෝර්ක් නගරයේ තිබෙන සිග්නේචර් බැංකුව වන අතර, අද (13) දින සිදුවූ දැවැන්ත කොටස් කඩා වැටීමකින් අනතුරුව මෙම බැංකුව වසා දැමෙන තත්ත්වයට පත්ව තිබේ.

එසේ සිදුව තිබෙන්නේ මීට ඉහත ඇමරිකානු සිලිකන් වැලි බැංකුව (SVB) කඩා වැටීමෙන් දින කිහිපයකට පසු වීම විශේෂත්වයකි.

මෙම කඩා වැටීම හමුවේ රජයේ බලධාරීන් මැදිහත් වී බැංකුව වසා දැමීමට කටයුතු කළ බව බැංකු නියාමකයහු පවසති.

සිග්නේචර් බැංකුව එක්සත් ජනපදයේ සාම්ප්‍රදායික බැංකු ආයතනයක් වන අතර, එය ෆෙඩරල් රක්ෂණයට යටත් කර තිබේ. කෙසේවෙතත්, ක්‍රිප්ටො කරන්සි ගනුදෙනු ආදී ව්‍යවහාර මුදල් හුවමාරු කටයුතු ඇතුළු ඩිජිටල් වත්කම් සඳහා ප්‍රාථමික ණය දෙන්නකු ලෙස ද සිග්නේචර් බැංකුව කටයුතු කළේය.

සිග්නේචර් බැංකුවේ සිදුවූ කඩා වැටීම මත ගත යුතු හොඳම පියවර ලෙස එය වසා දැමීමට කටයුතු කළ බව එක්සත් ජනපදයේ භාණ්ඩාගාරය, ෆෙඩරල් සංචිතය සහ ෆෙඩරල් තැන්පතු රක්ෂණ සංස්ථාව විසින් ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

කෙසේ වෙතත්, බැංකු ගනුදෙනුකරුවන්ගේ මුදල්වලට මින් හානියක් නොවන බව බැංකු නියාමකයහු පැවසූහ.

ඇමරිකානු බැංකු පද්ධතිය ශක්තිමත් සහ තිරසාර ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය වන ආකාරයෙන් තැන්පතු ආරක්ෂා කිරීම සහ කුටුම්භ සහ ව්‍යාපාර ණය සඳහා ප්‍රවේශය ලබා දීමේ වැදගත් කාර්යභාරය අඛණ්ඩව ඉටු කිරීම සහතික කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ද ඉහත නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම, මෙමඟින් බදු ගෙවන්නන්ට අලාභයක් සිදු නොවන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

සිග්නේචර් බැංකුව සතුව ඇ.ඩො බිලියන 110.4 ක වත්කම් සහ ඇ.ඩො. බිලියන 88.6 ක  තැන්පතු තිබුණු අතර, ගත වූ පැය 12 තුළ එක්සත් ජනපදයේ National Association of Securities Dealers Automated Quotations (NASDAQ) දර්ශකයේ සිග්නේචර් බැංකුව සතු කොටස් මිලය සියයට 22.87 කින් පහත වැටිණි.

මෙය සිදුව තිබෙන්නේ, ක්‍රිප්ටො මුදල් අංශය තම බැංකුවේ ඇති නැඹුරුව අවම කිරීමට සිග්නේචර් බැංකුව ගත් ප්‍රයද්නයෙන් මාස කිහිපයකට පසුව වීම ද විශේෂත්වයකි.

සිග්නේචර් බැංකුව වසා දැමීමෙන් එහි කාර්ය මණ්ඩලයට සිදුවන බලපෑම පිළිබඳ මෙතෙක් වාර්තාවක් නැත.

ඉකුත් සිකුරාදා (10) දින, ගතවූ කාර්තුවේ ඇ.ඩා. බිලියන 01 ක පාඩු ලැබීම මත සහ කොටස් සියයට 67 කින් පහත වැටීම මත, ස්වේච්ඡා ඈවර කිරීමකට (voluntary liquidation) යොමුවන බව එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ පිහිටි සිල්වර්ගේට් කැපිටල් බැංකුව නිවේදනය කළේය.

මෙම නිවේදනය සිදුකර පැය 24 ක් යන්නට මත්තෙන් සිලිකන් වැලි බැංකුව වසා දැමෙන බව ද නිවේදනය කළේය. සිලිකන් වැලි බැංකුව එක්සත් ජනපදයේ 18 වන විශාලතම බැංකුව වූ අතර, එහි වෙළඳපොල ප්‍රාග්ධනීකරණය ඇ.ඩො. බිලියන 40 පමණ වූ අතර, වත්කම් ඇ.ඩො. බිලියන 300 කට අධික විය. මෙය වසා දැමීම හමුවේ එය ඇමරිකාවේ දෙවන විශාලතම බැංකු කඩා වැටීම බවට ඉතිහාසගත විය.

එසේ තිබියදී, අද දින සිග්නේචර් බැංකුව ද වසා දැමෙන බවට නිවේදනය කර තිබෙන අතර, මෙය එක්සත් ජනපදයේ ආර්ථික අර්බුදයක පෙරනිමිති ද යන්න මත පළවෙයි.

සබැඳි පුවත්:

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan