*
Monday, September 23, 2024
spot_img

Latest Posts

උතුරු පළාත සඳහා මානුෂීය ආධාර ලබා දීම සහ යාපනයේ කෘත්‍රිම පාද කඳවුර සමාරම්භ කිරීම

මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා 2022 මාර්තු 13 වන දින ධීවර අමාත්‍ය  ගරු ඩග්ලස් දේවානන්ද මහතා සමඟ එක්ව උතුරු පළාතේ ධීවරයන් සහ ඔවුන්ගේ පවුල් ස‍‍ඳහා මානුෂීය ආධාර වැඩසටහනක් යාපනයේ දී සමාරම්භ කළේය. මෙම වැඩසටහන ඉන්දියානු රජයේ ප්‍රදාන යටතේ ක්‍රියාත්මක වේ.

2.        මෙම වැඩසටහන යටතේ යාපනය, මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම දිස්ත්‍රික්කවල පවුල් 1200කට ආහාර ද්‍රව්‍ය සහ වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිමි වනු ඇත. සමාරම්භක අවස්ථාවේදී යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන්ට මෙම ද්‍රව්‍ය බෙදා දුන් අතර උතුරු පළාතේ වෙනත් ප්‍රදේශවල ජනතාවට ඉදිරි දිනවලදී මෙම ද්‍රව්‍ය බෙදා දෙනු ඇත.

3.        මෙම අවස්ථාවේ අදහස් දැක්වූ මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මැතිතුමා ප්‍රකාශ කළේ ඉන්දියාව ශ්‍රී ලංකා ජනතාව පිළිබඳ සැලකිලිමත් වන සහෝදර රටක් බවයි. ඉන්දියාව ඉදිරියේදීත් මෙවැනි මානුෂීය ආධාර ලබාදීමට කටයුතු කරනු ඇතැයි එතුමා ප්‍රකාශ කළේය. ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන් දෙරටෙහිම ධීවර ප්‍රජාව විසින් මුහුණ දෙනු ලබන ගැටළු සඳහා විසඳුම් ලබා දීමට එක්ව කටයුතු කරන බව ද එතුමා සඳහන් කළේය. සාම්ප්‍රදායන් ජීවමානව පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් මහ කොමසාරිස්තුමා කච්චතිව්,ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා සහභාගී වීමට ඉන්දීය බැතිමතුන්ට පහසුකම් සලසාදීම සම්බන්ධයෙන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු ශ්‍රී ලංකා නායකත්වයට සිය ස්තූතිය පළ කළේය. මානුෂීය ආධාර වැඩසටහන සඳහා ඉන්දියානු රජයට ස්තූතිය පළ කළ ධීවර අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා ඉන්දීය බැතිමතුන් දහස් ගණනක් ලබන වසරේ මංගල්‍යය සඳහා සහභාගී වනු ඇතැයි ප්‍රකාශ කළේය.

4.        මහ කොමසාරිස්තුමා භග්වාන් මහාවීර් වික්ලාංග් සහායත සමිතිය (BMVSS) විසින් පවත්වනු ලබන කෘත්‍රිම පාද සවි කිරීමේ කඳවුරක් ද සමාරම්භ කළේය. මෙම ආයතනය කායික ආබාධ පවතින පුද්ගලයන් සඳහා කෘත්‍රිම පාද සහ වෙනත් ඒ ආශ්‍රිත සහය සපයන ලොව විශාලතම සංවිධානය වේ. ඉන්දීය රජයේ සම්පූර්ණ සහයෝගය යටතේ පවත්වනු ලබන මෙම කඳවුර යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුව හා එක්ව සංවිධානය කර ඇත. යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අංගජන් රාමනාදන් මහතා ද මෙම අවස්ථාවට එක් විය.

5.        ඉන්දීය රජයේ සහයෝගයෙන් BMVSS ආයතනය රණවිරු සේවා අධිකාරිය හා එක්ව සංවිධානය කරන ලද මෙවැනි කෘත්‍රිම පාද සවි කිරීමේ කඳවුරක් ගම්පහ දී ද පැවැත්විණ. ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා රණවිරුවන් සඳහා පැවති මෙම කඳවුරේදී පුද්ගලයන් 500 දෙනෙකුට පමණ “ජයිපූර් කෘත්‍රිම පාද” වැනි විවිධ සේවාවන් ලබා දෙන ලදී. ඉන්දීය රජය පිළිවෙළින් 2010 සහ 2011 වසරවලදී ද වවුනියාවේ දී සහ යාපනයේ දී මෙවැනි කඳවුරු දෙකක් පැවැත්වීය. මෙම කඳවුරු දෙක විසින් පුද්ගලයන් 2500කට පමණ සේවය සපයන ලදී.

6.        උතුරු පළාත ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන ජනතා කේන්ද්‍රීය සහයෝගීතා වැඩසටහන් හි විශේෂ අවධානයක් හිමි වන ප්‍රදේශයකි. නිවාස, අධ්‍යාපන, සෞඛ්‍යය, ජීවනෝපාය සංවර්ධන සහ කාර්මික සංවර්ධනය වැනි දෛනික මිනිස් ජීවිතයේ විවිධ පැතිකඩ ආවරණය කෙරෙන ව්‍යාපෘතීන් රැසක් උතුරු පළාත තුළ ක්‍රියාත්මක කර ඇත. තවත් විවිධ ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක කිරීමේ විවිධ අදියරයන් හි පවතී.

***

කොළඹ

2022 මාර්තු 13

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan