*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ඉන්ධන සහනාධාරයක් ප්‍රායෝගික නෑ – බස් ගාස්තු වැඩිකිරීම අද රාත්‍රියේ ?

බස් ගාස්තු වැඩිකිරීම පිළිබඳ තීරණය අද (14) පස්වරුවේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන අතර බොහෝවිට අද රාත්‍රියේදී බස් ගාස්තු සංශෝධනය නිවේදනය කෙරෙනු ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

බස් සංගම් මුලදී ඉන්ධන සහනාධාරයක් ඉල්ලා සිටියත් එවැන්නක් ලබාදීම ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක් බව පැවසූ ඒ මහතා බස් සංගම් සහ තමන් අතර පැවති සාකච්ඡාවලදී ද ඒ පිළිබඳව එකඟතාවක් ඇතිවූ බවයි සඳහන් කළේ.

ඒ අනුව, ඉන්ධන සහනාධාරයක් ලබාදිය නොහැකි නිසා බොහෝවිට අද රාත්‍රියේ බස් ගාස්තු ඉහළ නැංවීමක් සිදුකෙරෙනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අවම බස් ගාස්තුව රුපියල් 19ක් හෝ 20ක් දක්වා ඉහළ නැංවීමටත් සෙසු බස් ගාස්තු 13% – 15% අතර ප්‍රතිශතයකින් ඉහළ නැංවීමටත් දැනට යෝජනා වී තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan