ඇතිතරම් ඉන්ධන තියනව නං ඇයි ජනතාව පෝලිම්වල ? කෝ විදුලිය ? – ආනන්ද පාලිත

Date:

හදිසියේ විශාල ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉහළ දැමීමට හරහා ආණ්ඩුව ඉතා බරපතල ලෙස ගසාගමින් සිටින බවට සමගි ඒ්කාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා චෝදනා කරනවා. මේ වනවිට රටතුළ පවතින්නේ මීට මාස කිහිපයකට පෙර ආනයනය කළ ඉන්ධන තොග බවත්, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩුවීම එම ඉන්ධන තොග සඳහා කිසිසේත්ම බල නොපාන බවත් ඔහු පෙන්වා දෙනවා.

මිල වැඩි වුවද තවමත් රටේ සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොමැති බවද ඔහු සඳහන් කරයි. කෙසේ නමුත් බලශක්ති ඇමතිවරයා සහ ඛනිජ තෙල් සංස්ථාවේ ඉහළ නිළධාරීන් ඇතිතරම් ඉන්ධන තොග තිබෙනවා යැයි පවසන බව පෙන්වා දෙන ආනන්ද පාලිත මහතා විමසා සිටින්නේ, ප්‍රමාණවත් ඉන්ධන තොග රටතුළ තිබෙන්නේ නම් තවදුරටත් දිනපතා පැය හය-හතක විදුලි කප්පාදුවක් සිදු කරන්නේ කුමන හේතුවක් මතද යන්නයි. එසේම ප්‍රමාණවත් ඉන්ධන තොග තිබේ නම් තවදුරටත් ජනතාව පැය ගණන් ඉන්ධන පෝලිම්වල රස්තියාදු කරන්නේ මන්දැයි ඔහු විමසා සිටිනවා.

ඇමතිවරුන් කුමන කතා කීවද රටතුළ ඉන්ධන සම්බන්ධයෙන් බරපතල අර්බුදයක් තිබෙන බවත්, ඒ හරහා පොදු ප්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වීමේ අවදනාමක් මතුව ඇති බවත් ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.

පෞද්ගලික ඉන්ධන ප්‍රවාහන රථ සේවයෙන් ඉවත් වීමේ අවදානමක් මතුව ඇති බැවින්, ඉදිරියේදී ඉන්ධන හිගය තවදුරටත් වර්ධනය වී ජනතාවට ඉන්ධන ලබා ගැනීම සඳහා දින ගණන් පෝලිමේ සිටීමට සිදුවන තත්වයක් ඇතිවිය හැකි බවද ඔහු ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ අරමුදලට හුණුපිටිය ගංගාරමයෙන් රු. මි. 30ක මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ආපදාවෙන් විපතට පත්...

නාවික හමුදාවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඊයේ දිනයේ (04)...

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රු. මි. 635කට ආසන්න මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මේ වනවිට ...

ලොව හොඳම නගර 10 මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...