සතුරාගේ ප්‍රතිරූපය බිඳ දැමීමට ඔබ බාවිතා කරන්නේ අසූචි නම් එයින් සතුරාගේ ප්‍රතිරූපය නොව සුනුවිසුනු වී යන්නේ ඔබේ ප්‍රතිරූපයයි

Date:

වාමාංශික අදහස් දරන්නෙකු විදියට මටත් හිරුණිකා ගැන, හිරුණිකාගේ පරම්පරා දේශපාලනය ගැන බ‍රපතල විවේචනයක් තියෙනවා ..

ඒවගේම ඒ විවේචනය ගේන්ට ඕන දේශපාලනය විවෙචනයක් විදියට කියලත් මම විස්වාස කරනවා.. නමුත් ගැහැණියකගේ බිකිනි ඡායාරූප බාවිතා කර එල්ලකරන ප්‍රහාර අයත්වන්නේ එවන් විවේචන ගනයට නොව පහත් අපහාස ගනයට බවත් මතක්කර දෙනු කැමැත්තෙමි ..

තවත් පැත්තකින් මෙවන් චායාරූප යමෙකුට අපහාස කිරීම සඳහා යොදාගැනීම තුල ප්‍රකාශමාන වන්නේ අපහාස කරන්නා තුල ඇති ජාත්‍යන්තර රූ රැජින තරඟ සහ නව්‍ය විලාසිතා පිළිඹඳ නොදන්නා හද්දා බයි ගතියයි..මෙය රාජපක්ෂ බයියන්ද පසුකර යෑමකි..

තවත් පැත්තකින් මෙහි ඇති පැටලවිල්ල නම් කාන්තාවන්ට ප්‍රසිද්දියේ අපහාසකරන පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් ලුම්පිත පොහොට්ටු මන්ත්‍රීවරු සහ ඔවුන්ව විවේචනය කරන මොවුන් අතර පවතින වෙනස කුමක්ද යන්නෙහිය..

අනෙත් කරුන චන්ද්‍රිකාද කාන්තාවකි, හරිනි අමරසූරියද කාන්තාවකි, ගමේ පාතිමාද, පත්මාද, වත්තේ සරස්වතීද කාන්තාවකි, හිරුණිකාද කාන්තාවකි, හිරුණිකා ස.ජ.බෙ. වූ පලියට හෝ බාරතගේ දුව වූ පලියට කාන්තාවක් නොවන්නේ නැත.. එසේම ගැහැණියක් තමා නියෝජනය කරන දේශපාලන කඳවුර අනුව ඇගේ කාන්තාමය බාවය තීරණය වන්නේ හෝ ඇයව අපහාසයට ගොදුරු කිරීම යුක්ති සහගත වන්නේ හෝ නැත..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...