අම්බලන්ගොඩ, ඉඩන්තොට, පොන්නදූව ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (14) අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මෙසේ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල සාමාජිකයකු වන සජිත් සමන් ප්‍රියන්ත නොහොත් “සමන් කොල්ලා” නමැත්තාගේ නිවසට බවයි පොලිසිය පවසන්නේ.
වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ සමන් කොල්ලා නමැත්තාගේ මව සහ සහෝදරියන් තිදෙනෙකු නිවසේ සිට ඇති නමුත් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවත් නිවසේ තාප්පයට හා දොර ජනෙල්වලට උණ්ඩ කිහිපයක් එල්ල වී ඇති බවත් අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කරයි.
RN