සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 14, කොළඹ (LNW): විස්සයි විස්ස තරගාවලියේදී බංගලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව ලද විශිෂ්ඨ ජයග්‍රහණයට යම් කැළලක් එකතු කරමින් චිතගොං හී දී ආරම්භ වූ ශ්‍රී ලංකා බංගලාදේශ එක්දින තරගාවලියේ පළමු තරගය කඩුලු 6න් ජය ගන්නට බංගලාදේශය සමත් වුණා.එහිදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා නායකයා ගත් තීරණයේ නිවැරදි බව පෙන්වමින් අවිශ්ක ප්‍රනාන්දු සහ පැතුම් නිශ්ශංක හොඳින් පන්දුව දකිමින් පහර එල්ල කරමින් පන්දු ඕවර් 9.5 ක් වන විට ලකුණු 71 ක් ව තිබියදී අවිශ්ක දවා ගන්නට ටන්සින් හසන් සමත් වුණා.ටන්සින් එතැන සිට තවත් ලකුණු 13 ක් එක්වෙද්දී ශ්‍රී ලංකාවට කඩුලු තුනක්ම අහිමි කරමින් ඒ දක්වා බංගලාදේශය දෙසට යොමු වි තිබූ පීඩනය ශ්‍රී ලංකාව දෙසට හරවනු ලැබුවා.
තරගයේ දී දකින්නට ලැබුණු විශාලතම දුර්වලතාවය වූයේ පිතිකරුවන් කවමත් විස්සයි විස්ස තරග රටාවේ නැවතී සිටීමයි.ඒ නිසා අවදානම් පහරවලට යාම සිඳුවෙනවා.සෙමින් කළමණාකරණය කරමින් ඉණිමක් ගොඩ නැඟීමක් දකින්නට ලැබුණෙු නැහැ.උදාහරණයකට වනිදු හසරංග ගැනීම පහසුයි.ඔහු දෙවන වරටත් විස්සයි විස්ස තරගයේදී දැවී ගිය ආකාරයට ඩීෆ් තර්ඩ්මෑන් කළාපයට උඩ පන්දුවක් දී දැවී ගියා.ලකුණු ලබා ගැනීමේදී කෙටි ලකුණු හරහා නිලකුණු පන්දු අවම කර ගැනීමට වඩා පිතිකරුවන් උනන්දු වන්නේ හතරේ පහර සහ හයේ පහරවලට යාමනම් එය සාර්ථක උපක්‍රමයක් නොවන බව මෙහිදී පැහැදිළි වුණා.
පන්දු යැවීමේ කාර්යය ගත් විට ශ්‍රී ලංකාව ඉතා හොඳින් පන්දු යවමින් ලකුණු 23 ට බංගලාදේශයේ කඩුලු 3 ක් දවා ගත්තා.ඉන් අනතුරුව ලකුණු ලබා ගැනීමට එරෙහිව පීඩනය ගොඩ නැඟීම වෙනුවට පිතිකරුවන් පහරවල් සඳහා පොළඹවා කඩුලු ලබා ගැනීම පන්දු යවන්නන්ගේ උපක්‍රමය වූවා ද යන්න සැක සිතෙන තරමට පන්දුව පහර දෙන්නට පහර දෙන්නට එකම ආකාරයට යොමු කළ ආකාරයක් දකින්නට ලැබුණා.එයින් උපරිම ප්‍රයෝජන ගබා ගත් නායක නජ්මුල් හොසේන් සනටෝ පන්දු 129 දී නොදැවී ලකුණු 122 ක් දවා ගනු ලැබුවා.මහමදුල්ලා සහ සන්ටෝ සිව්වන කඩුල්ලට පීඩනය හමුවේ එකතු කළ වේගවත් ලකුණු 69 තරගය ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ගිලිහෙන්ට බල පඋ ප්‍රධානතම සාධකය වුණා.මහමදුල්ලා ලකුණු 37 ට දැවී ගියේ ලහිරු කුමාරගේ පන්දුවකට ඩිල්ෂාන් මධුශංක රැකගත් විශිෂ්ඨ උඩ පන්දුවකින්.

සිව්වන කඩුල්ල දැවී ගිය පසු පිටියට පැමිණි ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් පන්දුවට පහර දෙන මුෂ්ෆිකර් රහීම් අපූරු ඉණිමක් ගොඩ නඟනු ලැබුවා.ඒ වන විට ලබා තිබූ ලකුණු වේගය රැක ගනිමින් කළබල නොවුණු,තැන්පත් එහෙත් අවශ්‍යය ලකුණු වේගය සුරැකෙන පරිදි සන්ටෝ සමඟ රහීම් ගොඩ නැඟූ සබඳතාවය නොබිදි ලකුණු 165 ක්.එයින් පන්දු 84 ට නොදැවී රැස් කළ ලකුණු 73 සඳහා මුෂ්පිකර් රහීම් එල්ල කළේ හතරේ පහර අටක් පමණයි.ලකුණු 51 ක් ම කෙටි ලකුණු.එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන සඳහන් කරන දුර්වලකමක් වන කෙට් ලකුණු කබා ගැනීම සහ නිලකුණු පන්දු සටහන් කිරීමේදී මේ තරයේදී ද පීඩනය තමන් දෙසට හරවා ගත්තා.

මේ තරගයට පසුව එන තරගය වෙනත් අලුත් තරගයක්.ඒ නිසා මේ පරාජයේ නැවතිය යුතු නැහැ.එහෙත් එම කාලය ඇතුළත ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරගවලින් එක්දින තරගවලට පැමිණිය යුතුයි.එසේම ලහිරු කුමාර වැනි පන්දු යවන්නෙක් දේශිය පළමු පෙළ තරගාවලියේ හොඳම පන්දු යවන්නාවීමේ දී ප්‍රකට කළ හැඩය ජාත්‍යන්තර පිටියට එන විට තව දුරටත් දියුණු කර ගත යුතුයි.ලකුණු ලබා ගැනීම වැළක්වීම හරහා ගොඩ නඟන පීඩනය කඩුලු දවා ගැනීමට හේතුවක් කිරීම ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙතින් දකින්නට ලැබුණේ නැහැ.

කෙසේ නමුත් තරගයට උචිත පරිදි පන්දුව සහ පිත්ත යන කාරණා දෙක ගැනම විශ්වාසයක් තැබිය හැකි ක්‍රීඩකයෙක්ට මේ කණ්ඩායම තුළ ඉඩ තිබුණානම් ශ්‍රී ලංකාවට ලකුණු පූවරුව මීට වඩා ඉහළ යවා ගැනීමට ඉඩ තිබුණා.එය ලකුණු 300 ක් වැනි ප්‍රමාණයක් වූවේනම් ඇතැම් විට ශ්‍රී ලංකාවට මේ තරගයේදී මීට වඩා හොඳ ප්‍රතිපලයක් ලබා ගන්නට තිබුණා.බංගලාදේශය ඊීනම මුල් පන්දු ඒවර් 15 ත්ළ කඩුලු අහිමිවීම දරාගෙනම ඉහළ ලකුණු වේගයකට පැමිණි අතර එය අවසානය දක්වා කළමණාකරණය කර ගැනීමේ බුද්ධිමත්භාවය ප්‍රතට කළා. ශ්‍රී ලංකාව පළමු කඩුල්ල දැවී යන විට ලබාගෙන තිබුණු හොඳ ලකුණු වේගය රැක ගනිමින් කඩුලු ද රැකගෙන ඉදිරියට යාමට බුද්ධිමත් නොවීම සහ බංගලාදේශයේ බුද්ධිමත්වීම තරගයේ ජය සහ පරාජය තීරණය කරනු ලැබුවා.

තරගයේ සමස්ත ලකුණු සටහනට පහතින් පිවිසිය හැකියි.
https://www.espncricinfo.com/series/bangladesh-vs-sri-lanka-2023-24-1419819/bangladesh-vs-sri-lanka-1st-odi-1419827/full-scorecard
