*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

යුනිසෙෆ් ආයතනය දරුවන් ගැන වාර්තාවක් නිකුත් කරයි!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 14,, කොළඹ (LNW): යුනිසෙෆ් ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වෙන ආකාරයට, දකුණු ආසියාවේ වයස අවුරුදු පහට අඩු දරුවන් මිය යන සංඛ්‍යාව පසුගිය දශක දෙකක කාලය තුළදී තුනෙන් දෙකකින් අඩු වී ඇති බවයි.

යුනිසෙෆ් ආයතනය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අංශය සහ ලෝක බැංකු සමූහය විසින් නිකුත් කළ නවතම මරණ ඇස්තමේන්තුවලට අනුව මේ බව අනාවරණය වී තිබූ බව සඳහන් වේ.

1990 වර්ෂයේ සිට 2022 දක්වා කාලයේදී වයස අවුරුදු පහට අඩු ළමා මරණ සංඛ්‍යාව මිලියන 5 සිට මිලියන 1.3 දක්වා අඩු වී ඇති බව වාර්තා වේ. වයස අවුරුදු පහට අඩු දරුවන් මිය යාමේ සම්භාවිතාව ද අඩුවී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි. 1990 වසරේදී එය 72% ක්ව පැවති අතර 2000 වන විට එය 62% දක්වා අඩු වී තිබුණු අතර, දකුණු ආසියාවේ තවමත් වයස අවුරුදු 5 ට අඩු දරුවන් 29 දෙනකුගෙන් එක් අයකු මිය යන බවට වාර්තා වී ඇත.

එම වාර්තාව පෙන්වා දෙන්නේ, දකුණු ආසියාවේ වයස අවුරුදු පහට අඩු මරණ හතරෙන් එකක් සිදුවන්නේ නොමේරූ දරු උපත් වීම හේතුවෙන් බවද උපතේදී ඇතිවන සංකූලතා, නියුමෝනියාව ඇතුළු විවිධ රෝගාබාධ මෙයට හේතු වී ඇති බවයි.

ලොව පුරා සිටින දරුවන් අතුරින් අවධානම් වැඩිම කාලය ඔවුන්ගේ ජීවිතයේ පළමු මාසය වන අතර 2022 වසරේදී වූ නව ජන්ම මරණ අතුරින් 34%ක් දකුණු ආසියාවෙන් වාර්තා වී ඇත.

වයස අවුරුදු පහට අඩු මරණ අතුරින් අලුත උපන් දරුවන්ගේ මරණ 1990 වසරේදී සියයට 46 සීමාවේ තිබී ඇති අතර 2022 වන විට එය 63% දක්වා ඉහළ ගොස් ඇතැයි ද පෙන්වා දෙයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan