ආසියානු දියවැඩියා කප් එක ශ්‍රී ලංකාවට!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 14,, කොළඹ (LNW): රෝගීන්ට ලබා දෙන අත්‍යාවශ්‍ය ඖෂධ 850න් ඖෂධ 820-830ත් අතර ප්‍රමාණයක් රෝහල්වල ඇති බව සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ මහතා පැවසීය.

ශ්‍රී ලංකා කායික රෝග විද්‍යාතනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදි කායික රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා SLCIM යනුවෙන් නිල වෙබ් අඩවියක් එළි දැක්වීය. එම අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේ ආර්ථික අර්බුදයක් පැවතියද මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයට ඖෂධ මිලදි ගැනීම සඳහා සැලකියයුතු මුදලක් ලැබී තිබෙන බවත් ඒ අනුව ඖෂධ ගෙන්විම සඳහා අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදුකරමින් සිටින බවත් ඇමැතිවරයා කීවේය. එසේම රෝහල්වලට ‍දේශීය වශයෙන් අවශ්‍ය ඖෂධ මිලදි ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවද පැවසීය.

සෞඛ්‍ය ඇමැතිවරයා පැවසුවේ, මේ වනවිට ඖෂධ හදිසි මිලදි ගැනීම් සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවත් ඉදිරියේදි ඖෂධ හිඟය මග හැරි යනු ඇති බවත්ය.

එමෙන්ම මේ වනවිට ජනතාව අධික ලෙස සීනි භාවිත කිරීමට පෙළැඹි ඇති බවද ඒ හේතුවෙන් ආසියාවේ දියවැඩියා රෝගින් වැඩිම රට ශ්‍රී ලංකාව බවට පත්ව ඇති බවද සඳහන් කල අමාත්‍යවරයා , මෙරට ජනතාව කිරිපිටි භාවිතය අවම කරන්නේ නම් ලෙඩ රෝග බොහෝමයක් අඩුවනු ඇති බවද ඇමැතිවරයා පෙන්වා දෙනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...