ජපන්නු ක්‍රිකට් පිටියේ හපන්නු කිරීමේ කාර්යය ශ්‍රී ලංකාවට

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 14, කොළඹ (LNW):

ක්‍රීඩාවක් ජාත්‍යන්තර වශයෙන් සිය සබදතා පවත්වාගෙන යාමේදී රටේ එම ක්‍රීඩාව පවතින තත්ත්වය සහ වෙනත් රටක ක්‍රීඩාව පවතින තත්ත්වය සළකා සබඳතා ගොඩ නඟාගැනීමේදී කල්පනාවට ගත යුතු කරුණු අතර ක්‍රීඩාව ඉක්මවා ගිය රටට පලදායී තත්ත්වයන් කවරේද යන්න පිළිබඳවත් අවධානය යොමු කළ යුතුව තිබෙනවා.ශ්‍රී ලංකා ක්‍රිකට්,රටට පලදායි එවැනි යහපත් සබඳතාවයක් ක්‍රිකට් හරහා ගොඩ නඟා දීමට කටයුතු කරන අවස්ථාවක් යෙදී තිබුණා.ඒ ජපාන ක්‍රිකට් නගා සිටුවීම සඳහා ජපානය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹිමේ අවස්ථාවයි.


ජපානය කී විට මතකයට නැඟෙන්නේ ක්‍රිකට් පිටියේ බොහෝ ලදරු කණ්ඩායමක්.එහෙත් ලෝක ආර්ථිකය සමඟ සසඳා බලද්දී තත්ත්වය ඊට වෙනස්.ලෝකයේ ප්‍රධානම ආර්ථික ශක්තියක් ඇති රටක් වන ජපානය සිය ක්‍රිකට් නැගිට්ටුවාලීම සඳහා ශ්‍රී ලංකාව වාරු කර ගැනීමට තීරණය කිරීම ශ්‍රී ලංකාව ලද ජාත්‍යන්තර ජයග්‍රහණයක්.විශේෂයෙන්ම හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වන රොෂාන් රණසිංහ ජපානයේ සුළු සුළු රැකියා කර ජපානය සමඟ ව්‍යාපාර සබඳතා රැසක් ඇති කර ගෙන දියුණු වූ අයෙකු වුවත්,මේ ආකාරයට රටේ ප්‍රධාන කණ්ඩායම් ක්‍රීඩාවන් වන ක්‍රිකට් සහ නෙට්බෝල් වැනි ක්‍රීඩාවන් හරහා ජපාන ආර්ථිකයෙන් පහසුකම් නෙලා ගැනිම කෙරෙහි උනන්දු වීම වෙනුවට කල්පනා කළේ සියලු ක්‍රීඩාවන් තමන් කියන හැටියට සීරුවෙන් හැසිරෙනු දැකීමයි.ඒ නිසාම ක්‍රීඩාවන් තුනක්ම ජාත්‍යන්තර වශයෙන් දේශපාලන අතපෙවීම් සළකා තහනමට ලක් වූ අතර අවසානයේ ක්‍රීඩා අමාත්‍යවරයාට තනතුර අත හැර යන්නට ද සිඳු වුණා.


ජාත්‍යන්තර සබඳතා වැනි දේ සඳහා රටේ ක්‍රීඩාව පරිපාලනය කරන පිරිසගේ අවධානය යොමු විය යුතු වුව ද,ඔවුන් ආර්ථික වශයෙන් පොහොසත් ගිණුම් තමන්ට කළමණාකරණය කිරිමේ හැකියාවන් නිර්මාණය කරන්නට වෙහෙසෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ජපානය සමඟ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කර දීමේ ද්වි පාර්හ්වික අවබෝධතා ගිවිසුමකට එළැඹෙනවා.එහි ඇති කොන්දේසි අනුව මෙම අවබෝධතා ගිවිසුම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්, කණ්ඩායම්, පුහුණුකරුවන් යවා ජපානයට උපකාර කරනු ඇත.


ජපානයේ හැඩයට අනුව ඔවුන් ඉක්මණින් නිමාවන විස්සයි විස්ස සංස්කෘතියට වඩාත් කැමත්තක් දක්වනවා සැක නැත.ඒ නිසා ගිවිසුමට අනුව ලංකා ක්‍රිකට් ආයතනය ජපානයේ T20 තරඟ ක්‍රීඩා කිරීමට කණ්ඩායම් යවන අතර ජපන් ක්‍රිකට් කණ්ඩායම් වලට සත්කාරකත්වය දරන්නේය
එසේම ශ්‍රී ලංකාව, ඔවුන්ගේ ක්‍රීඩකයින්ට LPL සංචිත සමඟ පුහුණුවීම් සඳහා ද අවස්ථාව ලබා දෙනු ඇත.බොහෝ විට මෙය යම් වෘත්තිමය ලෙස ජපානයට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීනත්වයක් දක්වන ප්‍රජාවට ප්‍රවේශයක් සකස් කරන මාර්ගයක් වනු ඇත.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සහ ජපාන ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී Naoki Alex Miyaji (නාඕකී ඇලෙක්ස් මියාජි) අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම ක්‍රිකට්මය පමණක් නොවන ශ්‍රී ලංකාවේ ආර්ථිකයට පලදායී වැඩ සටහනක් වනු ඇත.මෙරටට පුහුණු අත්දැකීම් සඳහා පැමිණෙන පිරිස යම් අධ්‍යාපනයක් ලබා ගැනීමට මෙරටට පැමිණෙන අතර මෙරටින් එ’රටට යන්නන් යම් අධ්‍යාපනයක් ලබා දීමට යන්නෝය.ඒ අනුව ගිවිසුම අතර ජපානයට වඩා ඉහළ තැනක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවටත් ඒ සඳහා යොදා ගැනෙන මානව සම්පත්වලටත් හිමිවන්නේය.


ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවති මේ ඓතිහාසික ගිවිසුම් අත්සන් කිරීමට ශ්‍රී ලංකාවේ ජපානයේ නියෝජ්‍ය තානාපති එම්.කොටරෝ කට්සුකි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ ජපාන ක්‍රිකට් සංගමය, ජපාන ක්‍රිකට් සංවර්ධන සුහද තානාපතිවරයා ලෙස පත් කරන ලද ප්‍රියන්ත කාරියප්පෙරුම එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත්ලා,නාමල්ලා කොළඹ බලය අල්ලන්න කතා කරන එකම කොළඹ ජනතාවට කරන අසාධාරණයක්!

කොළඹ LNW:කොළඹ ජනතාව දී තිබෙන ජන වරම අනුව විපක්ෂය...

කොළඹ නගර සභාව : සර්වජන බලයේ සහායත් විපක්ෂයේ අපේක්ෂකයාට !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා අද (16)...