*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

මහනුවර දෙවන භාගයේදී හමුදා ප්‍රහාරය මැඩ ගනියි

ගෙවුණු සති අන්තය රග්බි ලීගයට නිපොන් පැහැ අනුග්‍රහය එක්වීම විශේෂ සිදුවීමක් විය.ඒ පිබිදීම සමඟ නිපොන් ජාතික රගර් ලීග් තරගාවලියේ අපරාජිත මහනුවර කණ්ඩායමට කොළඹ පැමිණ විශාල අවදානමකට මුහුණ දෙන්නට සිඳු විය.ඒ යුද හමුදාවෙන් එල්ල වූ දරුණු ප්‍රහාරය නිසාය.හැව්ලොක්ස් පිටියේදී හමු වූ දෙපිරිස අතර ගැටුමේ පළමු භාගය අපරාජිත මහනුවර පසුපසට ඇඳ දමමින් නිමා කරන්නට යුද හමුදාව සමත් විය.ලකුණු 17 ට 14 ක් ලෙස යුද හමුදාව පෙරමුණේ විය.

නමුත් අපරාජිතභාවයේ අභිමානය රැක ගැනීම සඳහා මහනුවර ක්‍රීඩා සමාජය සිය උපරිමය යෙදෙව්වේය.විශේෂයෙන් ප්‍රතිවාදීන්ට ලකුණු ලබා ගන්නට නොහැකි ලෙස ආරක්ෂාව තර කර ගත් මහනුවර ක්‍රීඩකයෝ දෙවන භාගය පුරාවටම දෙපිළෙන් වාර්තා වූ ලකුණු 7 ක සම්පූර්ණ අයිතිය හිමි වුණේ මහනුවරට.ඒ නිසා මහනුවර ලකුණු ගණන 21 ට ඉහළ ගියේ යුද හමුදාව ලකුණු 17 සිටියදීමයි.
මහනුවර කණ්ඩායම ලකුණු වාර්තා කළේ උත්සාහක දිණුම් තුනකින් සහ එහි ප්‍රවර්තන තුනෙන්.යුද හමුදා කණ්ඩායම ලබා ගත් ලකුණු 17 උත්සාහක දිණුම් දෙකක්,එහි ප්‍රවර්තන සහ දඬුවම් පහරකින් සමන්විත වුණා.මහනුවර කණ්ඩායම වෙනුවෙන් නයිජල් රත්වත්ත,දිලුක්ෂ දන්ගේ සහ ජේසන් දිසානායක උත්සාහක දිණුම් වාර්තා කළ අතර ඒවා නිසි ඉලක්කයට යොමු කරමින් සාර්ථක ප්‍රවර්තන බවට පත් කිරිමේ වගකිම තරින්ද රත්වත්ත අතින් ඉටු වුණා.යුද හමුදාවේ උත්සාහක දිණුම් දෙක වාර්තා වුණේ සුදාරක දික්කුඹුර සහ ධනුෂ්ක තල්වත්ත අතින්.එම උත්සාහක දිණුම්වල ප්‍රවර්ථන සහ දඩුවම් පහර සාර්ථක කර දීමට යුද හමුදාවේ තරිඳු මධුශාන් ට හැකි වුණා.

ලීග් තරගාවලියේ තවත් කණ්ඩායම් දෙකක් තුරග තරග පිටියේදී හමු වුණා.ඒ සීඑච් ඇන්ඩ් එෆ්සී කන්ඩායම සහ පොලිස් කණ්ඩායමයි.ලීග් තරගාවලියේ අවසාන භාගයට පැමිණෙන විට කණ්ඩායම් යම් පදම් විමක් පෙන්නන අතර තරගකාරීත්වය ඉහළට එසැවෙමින් තිබෙන බව පැහැදිළි කරමින් මෙම තරගයේ පළමු භාගය නිමා වූයේ කණ්ඩායම් දෙකම ලකුණු 5 බැඟින් ලබා සිටියදීයි.දෙවන භාගයේ එකිනෙකා පරයා යන්නට ගත් උත්සාහයේදී සීඑච් කණ්ඩායමට වැඩි පුර ලකුණු තුනක් සිය කණ්ඩායම වෙනුවෙන් එකතු කර ගන්නට හැකි වුණා.ඒ නිසා තරගය නිමා වන විට අවසාන ලකුණු පූවරුව සීඑච් කණ්ඩායම ලකුණු 25 සහ පොලිස් කණ්ඩායම ලකුණු 22 ක් ලෙස සඳහන් වුණා.

සීඑච් කණ්ඩායම වෙනුවෙන් ප්‍රසාද් මධුශංක උත්සාහක දිණුම් දෙකක් ද,අවන්ත ලී සහ ෂෙහාන් ඩයස් එක බැඟින් ද උත්සාහක දිණුම් වාර්තා කරනු ලැබුවා.එයින් එක් ප්‍රවර්ථනයක් සාර්ථකව ඉලක්කයට යොමු කිරීමට රෝහිත රාජපක්ෂ සමත් වුණා.එසේම සීඑච් කන්ඩායම හිමි වූ දඩුවම් පහරක් ඉලක්කයට යොමු කිරීමට හිරූෂ සම්පත්ට ද හැකි වුණා.සීඑච් ලකුණු 25 ඒ ආකාරයට සැකසෙද්දී පොලිස් කණ්ඩායමේ ලකුණු 22 වෙනුවෙන් ද උත්සාහක දිණුම් තුනක් වාර්තා වුණා.ඒ මොහාන් විමලරත්න,හෂාන් ප්‍රනාන්දු සහ අදීශ රක්ශිතගේ දායකත්වය ඇතුවයි.ඉන් එක් උත්සාහක දිණුමක ප්‍රවර්ථනය සාර්ථක කර ගන්නට මලින්ක සුලක්ෂණ සමත් වුණා.ඊට අමතරව දඬුවම් පහරක් නිසි ඉලක්කයට යොමු කිරීමට යොහාන් පීරිස් සමත් වෙනවා.

එළිඹෙන සතිය තීරණාත්මකයි.එහිදි නිත්තවෙලදී මේ දක්වා තරගාවලියේ අපරාජිත කණ්ඩායම් දෙක වන මහනුවර සහ හැව්ලොක්ස් කණ්ඩායම් මුණ ගැසෙන්නට නියමිතයි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan