එජාප කළුතර සංවිධායක ලක්ෂ්මන් විජේමාන්න සජබට එක්වෙයි

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට එක්ව තිබේ.

ඔහු ඊයේ (13) දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සජබට එක්ව ඇති බව සඳහන්.

එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් පත්කිරීම පෙරේදා (12) දිනයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී ලක්ෂ්මන් විජේමාන්න කළුතර ආසන සංවිධායකවරයා වශයෙන් පත්කෙරිණි. එජාප කළුතර දිස්ත්‍රික් නායකයා වශයෙන් රාජිත සේනාරත්න මහතාව පත්කර තිබුණු අතර ලක්ෂ්මන් විජේමාන්න මහතා පක්ෂ නායකවරයා හමුවේ සියල්ලන්ම ඉදිරියේ ඊට විරෝධය පළකරන ආකාරයත් රනිල් වික්‍රමසිංහ මහතා එම විරෝධයට ඇහුම්කන් නොදී ඔහුට එතැනින් වහාම ඉවතට යන්නැයි පවසන අයුරුත් මාධ්‍ය වාර්තා කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...