හිටපු ඇමති චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

සටහන – රුවන් නෙළුගොල්ල

අල්ලස් ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලබන 09 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, ඔහුව ඊයේ (25) දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව තෝරාගත් සමාගම් තුනක් සදහා පමණක් පොස්පේට් අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු සලසා දීමට මෙම සැකකරු ක්‍රියා කර ඇති බවත් අදාළ සමාගම්වලට පොස්පේට් අපනයනය සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට සහාය දීම සහ ආධාර අනුබල ලබා දීම තුළින් ලක්ෂ 81 මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබාගෙන සැකකරු සිය බැංකු ගිණුමේ තැන්පත් කර ඇති බවට විමර්ශන වලදී කරුණු අනාවරණය වී ඇති බවත් ය.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් එම නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීවරයට මුවා වූ දුදනෝ කිසිදා නොවෙති යහපත්:විජිත හිමිගේ කතා පුවත ලොවට කී කතාව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙල්බර්න් නුවර පිහිටි...

අද (09) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...

ජංගම ගිණුම – අගෝස්තු 2026

මාස හතරකට පසුව, 2026 අගෝස්තු මාසයේදී විදේශ අංශයේ ජංගම...

Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත්...