අපි මාධ්‍යට නොකියා පාතාලය දැවැන්ත මර්දනයකට ලක් කරමින් ඉන්නේ – ඇමති චතුරංග මාධ්‍යට කියයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පාතාල කණ්ඩායම් එකිනෙකා ඝාතනය කරගන්නේ රජය මාධ්‍යට නොකියා දැවැන්ත පාතාල මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින නිසා බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

“අපි මේ වෙනකොට යුක්තිය මෙහෙයුම කියලා ඇඩ්වටීස්මන්ට් දැම්මෙ නැතිවුණාට පාතාලය දැවැන්ත මර්දනයකට ලක්කරමින් තිබෙනවා. මොකද පාතාලයට අත නොතබනවා නම් අපිට රජය වෙනමත් පාතාලය වෙනමත් ක්‍රියාත්මක කරගන්න තිබ්බා. නමුත් මේ වෙලාවෙ පාතාලයේ කුඩු මෙහෙයුමට රජය දැවැන්ත මැදිහත් වීමක් කරන නිසා තමයි පාතාලය අතර ඝාතන සිද්ධ වෙන්නෙ. ඒ කියන්නෙ ඒ අය බයයි තමන්ගෙ කවුරුහරි හම්බවුණොත් ඒ දැල සම්පූර්ණයෙන් විවෘත වෙනවා. ඒ නිසා ඔවුන් ඔවුන් අතර තියෙන මේ ගැටුමට පාදක වෙලා තියෙන්නෙ අපි මාධ්‍යට නොකියා දැවැන්ත මෙහෙයුමක් සිද්ධ කරන නිසා”

චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) කෝට්ටේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...