අපි මාධ්‍යට නොකියා පාතාලය දැවැන්ත මර්දනයකට ලක් කරමින් ඉන්නේ – ඇමති චතුරංග මාධ්‍යට කියයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පාතාල කණ්ඩායම් එකිනෙකා ඝාතනය කරගන්නේ රජය මාධ්‍යට නොකියා දැවැන්ත පාතාල මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින නිසා බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

“අපි මේ වෙනකොට යුක්තිය මෙහෙයුම කියලා ඇඩ්වටීස්මන්ට් දැම්මෙ නැතිවුණාට පාතාලය දැවැන්ත මර්දනයකට ලක්කරමින් තිබෙනවා. මොකද පාතාලයට අත නොතබනවා නම් අපිට රජය වෙනමත් පාතාලය වෙනමත් ක්‍රියාත්මක කරගන්න තිබ්බා. නමුත් මේ වෙලාවෙ පාතාලයේ කුඩු මෙහෙයුමට රජය දැවැන්ත මැදිහත් වීමක් කරන නිසා තමයි පාතාලය අතර ඝාතන සිද්ධ වෙන්නෙ. ඒ කියන්නෙ ඒ අය බයයි තමන්ගෙ කවුරුහරි හම්බවුණොත් ඒ දැල සම්පූර්ණයෙන් විවෘත වෙනවා. ඒ නිසා ඔවුන් ඔවුන් අතර තියෙන මේ ගැටුමට පාදක වෙලා තියෙන්නෙ අපි මාධ්‍යට නොකියා දැවැන්ත මෙහෙයුමක් සිද්ධ කරන නිසා”

චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) කෝට්ටේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...