එජාප කළුතර සංවිධායක ලක්ෂ්මන් විජේමාන්න සජබට එක්වෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට එක්ව තිබේ.

ඔහු ඊයේ (13) දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සජබට එක්ව ඇති බව සඳහන්.

එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් පත්කිරීම පෙරේදා (12) දිනයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී ලක්ෂ්මන් විජේමාන්න කළුතර ආසන සංවිධායකවරයා වශයෙන් පත්කෙරිණි. එජාප කළුතර දිස්ත්‍රික් නායකයා වශයෙන් රාජිත සේනාරත්න මහතාව පත්කර තිබුණු අතර ලක්ෂ්මන් විජේමාන්න මහතා පක්ෂ නායකවරයා හමුවේ සියල්ලන්ම ඉදිරියේ ඊට විරෝධය පළකරන ආකාරයත් රනිල් වික්‍රමසිංහ මහතා එම විරෝධයට ඇහුම්කන් නොදී ඔහුට එතැනින් වහාම ඉවතට යන්නැයි පවසන අයුරුත් මාධ්‍ය වාර්තා කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...