ජලය කළවම් කර මත්පැන් විකුණූ රට බීමහලක් මුද්‍රා තැබේ!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 14, කොළඹ (LNW):

සුරාබදු කොමසාරිස්වරයාට ලද තොරතුරක් අනුව මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් හැටන්, ආගරපතන ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද රට බීම සිල්ලරට විකිණීමේ බලපත්‍ර ස්ථානයක වැටලීමක් සිදු කර ඇති බව වාර්තා වේ.

එහිදී මත්පැන් බෝතල්වලට ජලය කලවම් කළ මිලි ලීටර් 750 බෝතල් 51ක්, මිලි ලීටර් 375 බෝතල් 48ක් සහ මිලි ලීටර් 180 බෝතල් 07ක් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙන බව පැවසේ.

එහි විමර්ශන කටයුතු අවසන් වන තෙක් අදාළ ස්ථානයේ බලපත්‍ර අත්හිටුවා මුද්‍රා තැබීමටද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...