මුතූර් හි සහෝදරියන් දෙදෙනෙක් ඝාතනය කරලා!

Date:

කොළඹ LNW:මූතූර් දාහානගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා ඝාතනය කර දැරියකටද තුවාල සිදු කර තිබෙන බව වාර්තා වෙයි.

මෙසේ ඝාතනය වී ඇත්තේ 68 හැවිරිදි සිරිදරන් රාජේස්වරී හා 74 හැවිරිදි ශක්තිවේල් රාජකුමාරි නැමැති කාන්තාවන් බව සඳහන්.

ඝාතනයට ලක්ව ඇති කාන්තාවන් දෙදෙනා සහෝදරියන් වන අතර තුවාල ලැබූ දැරිය මිය ගිය කාන්තාවකගේ මිනිබිරියක බව පොලීසිය පවසයි.

ඝාතනය සිදුවන අවස්ථාවගේ දැරියගේ මව නිවසේ නොසිටි ඇති අතර එම කාන්තාව විවාහයෙන් වෙන්ව මව හා මවගේ අක්කා සමග එකම නිවසේ ජීවත්ව සිට ඇති බව ද වාර්තා වෙයි.

වැඩිදුර විමර්ශන මුතූර් පොලීසිය විසින් සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවන්හි නවතම තත්ත්වය. නිවාස 13,781ක් සම්පූර්ණයෙන් විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා...

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...